World

සඳට ගිය චන්ද්‍රයාන්-2 යානය අතුරුදන්. අගමැති මෝදි අභ්‍යවකාශ ප්‍රධානියා සනසයි

ඉන්දීය අභ්‍යවකාශ වැඩසටහනෙහි හොඳම දේ ඉදිරියේදී ලැඛෙනු ඇතැයි අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා පවසනවා.

අසාර්ථක වීම් හමුවේ එය නතර කිරීමට කිසිදු අපේක්ෂාවක් නොමැති බව බැංගලෝර් නුවර පිහිටා ඇති ඉන්දීය අභ්‍යවකාශ පර්යේෂණ මධ්‍යස්ථානයේ සිට ජාතිය අමතමින් ඔහු සඳහන් කළා.

චන්ද්‍රයා මතුපිට ගොඩබැස්වීම පිණිස යවනු ලැබූ චන්ද්‍රයාන්-2 යානය සෙඳහි පෘෂ්ඨයට කිලෝමීටර් 2 ක් පමණ දුරක් ඉතිරිය තිබියදී සන්නිවේදන සබඳතා ඇණහිට තිබූ අතර යානයට සිදුවූයේ කුමක්දැයි මෙතෙක් අනාවරණය වී නැහැ.

සිය උත්සාහය ව්‍යර්ථවීමත් සමග ඉන්දීය අභ්‍යවකාශ පර්යේෂණ මධ්‍යස්ථානයේ විද්‍යාඥයන් දැඩි පසුබෑමකට ලක්ව ඇති බව ඉන්දීය වාර්තා සදහන් කළ අතර මෙම අවස්ථාවේ සමස්ත ජාතියම ඉන්දීය අභ්‍යවකාශ විද්‍යාඥයන් සමග සිටින බව අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා සඳහන් කලා.

එමෙන්ම ඔහු අභ්‍යවකාශ පර්යේෂණ මධ්‍යස්ථානයේ සිට නික්ම යෑමේදී එහි ප්‍රධානී කේ. සිවන් මහතා සමග අතිශය සංවේදී ස්වරූපයකින් සිටින ඡායාරූප සහ දර්ශන පෙළක්ද එරට මාධ්‍ය විකාශය කරනු ලැබුවා.

Related posts

පැය 24කට අඩු කාලයකදී හිමාලය ආසන්නයේ භූ කම්පන දෙකක්

Admin

ඉරාන හමුදාව ත්‍රස්ත සංවිධානයක් බවට ඇමෙරිකාව නම් කරයි.

colombotoday

පකිස්තානයේ භූ කම්පනයකින් 20ක් මරුට

colombotoday

Arrow, Flash නළුවාටත් කොරෝනා ආසාදනය වෙයි

colombotoday

අමෙරිකා – කැනඩා දේශසීමා මුරපොල අසල පිපිරීමක්

Admin

ඉරාන ප්‍රහාරයට අපේ සම්බන්ධයක් නැහැ – ඇමෙරිකාව කියයි

Admin