Colombo Today Local News

සනීපාරක්ෂාව නැති ඌවේ ටියුෂන්වලට වාරණයක්

ළමුන්ගේ සනීපාරක්ෂාව සම්බන්ධයෙන් නිසිලෙස කටයුතු කර නොමැති ඌව පළාතේ සියළු උපකාරක පන්ති වහාම තහනම් කොට ඒවායෙහි හිමිකරුවන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා ලෙස ඌව පළාත් ආණ්ඩුකාර ජනාධිපති නීතීඥ මෛත්‍රී ගුණරත්න මහතා ඌව පළාතේ පළාත් පාලන කොමසාරිස්වරයාට නියෝග කර තිබේ.

ඌව පළාත තුළ මේ වන විට නැවතත් හිස ඔසවමින් පවතින ඩෙංගු රෝගය පිටුදැකීම උදෙසා ආණ්ඩුකාරවරයාගේ මූලිකත්වයෙන් ගෙනයන වැඩ පිළිවෙල යටතේ මෙම තීරණය ගෙන ඇත.

මේ සම්බන්ධයෙන් ඌව පළාත් පාලන කොමසාරිස්වරයා වෙත ලිපියක් යොමුකරමින් ආණ්ඩුකාරවරයා සඳහන් කොට ඇත්තේ ඌව වෙල්ලස්සේ අනාගතය උදෙසා සෞඛ්‍ය සම්පන්න දරු දැරියන් පිරිසක් බිහි කරලීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කිරීම, ඌව පළාතේ ආණ්ඩුකාරවරයා  වශයෙන්  තමන්ට පැවරී ඇති පැහැර හැරිය නොහැකි වගකීමක් බැවින් එකී වගකීම මූලාශ්‍ර කර ගනිමින්, අදාළ ක්‍රියාමාර්ගයන් කඩිනමින් ක්‍රියාත්මක කිරීමේ නියමුවා ලෙස තමන් විසින් පළාත් පාලන කොමසාරිස්වරයා පත් කරන බවයි.

එසේම ඌව පළාතේ පාසල් සිසු සිසුවියන් ගණන 2,86,414 ක් පමණ වන අතර ඉන් සියයට 90 ක් පමණම උපකාරක පන්තිවලට හෝ උසස් අධ්‍යාපනය සඳහා සහභාගි වන බවත් එසේ ළමුන් විශාල වශයෙන් එක් රොක් වන ස්ථානවල සනීපාරක්ෂක කටයුතු හා සෞඛ්‍යාරක්ෂිත බව පිළිබඳව සෑහීමකට පත්විය යුතු බැවින් වහාම එම ස්ථාන හදිසි වැටලීම් සිදුකොට ඒ සම්බන්ධයෙන් පරීක්ෂා කරන ලෙසත් ආණ්ඩුකාරවරයා දන්වා ඇත.

Related posts

මුජුබර් රහුමාන් ළඟ තියාගෙන හෙළඋරුමයෙන් ගෝඨාභයට දැඩි ප්‍රහාරයක්

colombotoday

නීතිවිරෝධි කහ සහ ගංජා ප්‍රවාහන කළ දෙදෙනෙක් අත්අඩංගුවේ

colombotoday

සේයා ඝාතන පරීක්ෂණ වෙනත් පැත්තකට? තවත් සැකකරුවෙක් අත්අඩංගුවට

colombotoday

නව කැබිනට් හා රාජ්‍ය අමාත්‍යාංශවල විෂයන් ප්‍රකාශයට පත් කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක්.

colombotoday

අද එන්නත්කරණ වැඩසටහන් ක්‍රියාත්මක ස්ථාන මෙන්න

colombotoday

ඉන්ධන බෙදා හැරීමට බාධා කළ නිලධාරීන් අනිවාර්ය නිවාඩු යවයි… – තෙල් බෙදා හැරීම යථා තත්ත්වයට

Admin