Colombo Today Local News

“සන්දීප්ව හැප්පුවේ චම්පික” චම්පිකගේ රියදුරු අධිකරණයේ රහසේ පාපොච්චාරණය කරයි !

2016 වසරේ දී රාජගිරියේ දී සිදු වූ රිය අනතුර සම්බන්ධයෙන් ප‍්‍රධාන සැකකරුවකු වන හිටපු ඇමති චම්පික රණවක මහතාගෙන් රියැදුරකු ලෙස සේවය කර දිලුම් තුසිත කුමාර නැමැත්තා අධිකරණය හමුවේ රහස් ප්‍රකාශයක් ලබාදීම සඳහා දෙවන වරට ද ඊයේ අවසර ඉල්ලා සිටියේය.

ඒ අනුව එම ඉල්ලීම පෙබරවාරි මස 24 වැනි දින සලකා බැලීමට මහේස්ත්‍රාත්වරිය නියෝග කළාය.

කොළඹ පැවති මාධ්‍ය හමුවකදී රාජ්‍ය ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ මහතා කියා සිටියේ අදාළ රියදුරා විසින් තමන් එම අනතුර සිදුවී අවස්තාවේ රථය පැදවූයේ තමන් නොවන බවට දැනටමත් පාපොච්චාරණය කර ඇති බවයි.

චම්පික රණවක එවකට ඇමැතිවරයා විසින් අදාල අනතුර සිදු වන අවස්ථාවේදී රථය පැදවූ බවද රියදුර හෙලි කර ඇති බවද ඔහු සදහන් කලේය.

Related posts

ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 15 කට නායයාම් අනතුරු ඇඟවීම්

colombotoday

බොරැල්ලේදී තියුණු ආයුධයකින් පහරදී තරුණයෙකු ඝාතනය කෙරේ

colombotoday

වව්නියාවේ වැව් 415ක් පිටාර ගලයි

Admin

රනිල් ජනාධිපතිවරණයට ආවොත් පරාජය නියතයි…

colombotoday

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ බිහිවෙයි.. සභාපති, ලේකම්, මාධ්‍ය ප්‍රකාශක මෙන්න

colombotoday

ඉහළ දැමූ විදුලි ගාස්තුවෙන් සියයට 50ක සහනයක්

Admin