Colombo Today Local News

සජිත් සුළඟට හසු වූ අයට යන-එන මං නෑ ! දුරකතන ඇමතුම්වලටත් පිළිතුරු නෑ !!

සජිත් ප්‍රේමදාස මහතා එජාපයේ නායකත්ව ඔටුන්න ඉල්ලා සිටින්නේ දැනට වසර ගණනාවක පෙර සිටය. ඒ වෙනුවෙන් අවස්ථා ගණනාවකදී එජාපයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, ආසන සංවිධායකවරුන් පක්ෂ නායකත්වය සමග සටන් කළේය. කෙසේ වෙතත් ඒ සෑම අවස්ථාවකදීම සිදු වූයේ සජිත් ප්‍රේමදාස මහතා, තමන් වෙනුවෙන් පෙනී සිටි මන්ත්‍රීවරුන් සහ ආසන සංවිධායකවරුන් අනාථ කර පක්ෂයේ නියෝජ්‍ය නායකත්වයෙන් පමණක් සෑහීමට පත් වීමයි.

එදා සජිත් නායකත්වයට ගෙන ඒමට සටන් කළ ඇතැම් අය අද ඉන්නේ පොහොට්ටුව සමගය. එසේ නැතහොත් ශ්‍රීලනිපය සමගය.

නායකත්ව සටන හැමදාම කෙළවර වූයේ තීරණාත්මක අවස්ථාවලදී පක්ෂ නායකත්වය ලබා ගැනීම පසෙක තබා සජිත් ප්‍රේමදාස මහතා, තමන් වෙුනවෙන් පෙනී සිටි පාක්ෂිකයන් අනාථ කිරීමයි.

පසුගිය කාලයේදී සජිත් ප්‍රේමදාස මහතාට ජනාධිපති අපේක්ෂකත්වය ලබා දීම සඳහා පක්ෂයේ මුල්පෙළ නායකයන්ගේ සිටම බහුතරයක් සටන් වැදුණු අතර අවසානයේ ඔවුන් ජයග්‍රහණය කළේය. සජිත් ප්‍රේමදාස මහතා ජනපති සටනින් පරාද වූ පසු ඔවුන් සටන් කළේ සජිත් ප්‍රේමදාස මහතා එජාප නායකත්වයට පත්කොට 2025 සඳහා ඔහු ශක්තිමත් ලෙස ගොඩනැගීමයි.

එය මේ වනවිට සාර්ථක වී ඇති අතර රනිල් වික්‍රමසිංහ මහතා ද පක්ෂ නායකත්වය අතහැරීමට සූදානම්ව සිටී.

එහෙත් සුපුරුදු පරිදි තීරණාත්මක මොහොතේ සජිත් ප්‍රේමදාස මහතා නිහඬතාවයක ගිලී මුළුගැන් වී සිටී. අද සජිත් ප්‍රේමදාස මහතා සජිත් පාර්ශ්වයට ද සොයාගත නොහැකිය. දුරකතනයෙන් හෝ සම්බන්ධ කරගත නෙහැකිය. අවසානයේ නැවතත් සිදුව ඇත්තේ සජිත් වෙනුවෙන් පෙනී සිටි එජාප මන්ත්‍රීවරුන්, පාක්ෂිකයන් අනාථ වීමයි.

lankanewsweb

Related posts

කොමදෝරු දසනායකට ඇප නොළැබෙයි.. ලබන වසර දක්වා යළි රිමාන්ඩ් කරයි !

colombotoday

ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්‍ෂක සමන් වීරමන් අභාවප්‍රාප්ත වෙයි

colombotoday

සාම සාධක බළකායට ශ්‍රී ලංකා හමුදා බඳවා නොගන්නා ලෙස යස්මින් සුකා එක්සත් ජාතීන්ගෙන් ඉල්ලයි.

colombotoday

දුම්රියක් පීලි පනී – උඩරට මාර්ගයේ දුම්රිය ප්‍රමාදයි

Admin

ඥානසාර හිමිගේ ඇපෑල ඉවත දැමු එක් විනිසුරුවෙක් අගවිනිසුරුධූරයට ?

colombotoday

“සිංහල-මුස්ලිම් ගැටළු යහපත්ව විසදන්න අපට බැරිවුණා.. පරාජයට ඒකත් හේතුවක්“ – හිටපු ජනපති

colombotoday