Colombo Today Local News

“සජිත් ප්‍රේමදාස බුදු දහම විකෘති කරයි”

සජිත් ප්‍රේමදාස බුදුදහම විකුර්ති කර ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල පවසනවා.
අද(16) පිවිතුරු හෙළ උරුමය කැඳවා තිබු මාධ්‍ය හමුවකට එක්වෙමින් ව මහතා දැක්වූ අදහස්….

“එජාපයේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මැතිතුමා පෙරේදා හරි අපූරු කතාවක් කිව්වා. ඒ තමයි බුදු රජාණන් වහන්සේ නාලාගිරි ඇතා දමනය කලේ ගාථාවක් කියලා. ඒක විහිළුවක් කියලා සිතනවා නම් එයාත් එක්ක කලාවැව ලඟට යන්න ආවොත් වල් අලි දමනය කරලා පෙන්වනවා කියලාත් කිව්වා. සජිත් මැතිතුමාට වල් අලි දමනය කරන්න පුළුවන් වුණත් දශකයකට වැඩි කාලයක් එජාප නායක අලියා දමනය කර ගන්න බැරි වෙලා තිබෙනවා.

එතුමා අලියා ලකුණ දරණ පක්ෂයේ නායකත්වයට ඉව ඇල්ලුවත් නාලාගිරි දමනය පිළිබඳ පැවසුවේ මුසාවක්. බුදු රජාණන් වහන්සේ කිසිම තැනක මන්ත්‍ර වලින් ගාථා වලින් විස්කම් පාපු ඉන්ද්‍රජාලකයෙකු නොවේ. එතුමා අනුන් දමනය කලේ කරුණාව, මෛත්‍රිය, ඉවසීම සහ ර්තකන හැකියාව වැනි බුදු ගුණ වලින්. නාලාගිරි දමනය ගැන අපට අසන්න ලැබෙන ගාථාව තිබෙන්නේ ජයමංගල ගාථා වලයි.

නාලාගිරිං ගජවරං අතිමත්ත භූතං

දාවග්ගි චක්ක මසනීව සුදාරුණං තං

මෙත්තම්බුසේක විධිනා ජිතවා මුනින්දෝ

තං තේජසා භවතු තේ ජයමංගලානි

සුරාවෙන් මත් වී දරුණු ලෙස පැමිණි නාලාගිරි නම් ඇතා බුදුරජාණන් වහන්සේ මෛත්‍රිය නමැති සිසිල් පැනින් දමනය කළා කියලායි ඒ ගාථාවේ කියන්නේ. ඒ කියන්නේ නාලාගිරි ඇතා දමනය කලේ මෛත්‍රිය පෑමෙන් මිස ගාථා කීමෙන් නොවේ. ඒජාපයේ ජනාධිපති අපේක්ෂකයා විතරක් නොවෙයි වත්මන් රජයේ සංස්කෘතික අමාත්‍යවරයා බුදු දහම විකෘති කරනවා නම් අද බුදු දහම මුහුණ පා ඇති අවාසනාවන්ත ඉරණමට මීටත් වඩා තවත් සාක්ෂියක් අවශ්‍ය නෑ.

ඒජාපයේ උදවිය විතරක් නොවෙයි අපිත් මාස තුනක් පුරා එජාප ජනාධිපති අපේක්ෂකත්වය සජිත් මැතිතුමාට ලබා ගන්න ලොකු සටනක් කරනවා. ඒ නිසා අඩුම ගණනේ නාමයෝජනා භාර දෙන තුරුවත් කට ප්‍රවේශම් කර ගන්න කියලා අපි සජිත් මැතිතුමාගෙන් ඉල්ලා සිටිනවා. මොකද නොවැම්බර් මාසයේ තිබෙන්නේ රටේ ජනාධිපති තෝරන තරගය මිස රජ ගෙදර කවටයා තෝරන තරගය නොවේ.”

Related posts

අභ්‍යන්තර පරීක්ණයට ඇඟිලි ගහන්න කොටි ඩයස්පොරාවෙනුත් විදෙස් විනිසුරු මඩුල්ලක්

colombotoday

“රාජිතගේ බිරිද හොර රහසේම මහින්ද හමුවෙයි. පුවත අසත්‍යයි” – ඇමති රාජිතගේ මාධ්‍ය ලේකම් කරුණු පැහැදිලි කරයි

colombotoday

බෙංගමුවේ නාලක හිමි ඇතුළු හිමිවරුන් සිව් දෙනාට අධිකරණය අද දුන් තීන්දුව…

colombotoday

මැතිවරණයට නාමයෝජනා දුන් රාජ්‍ය සේවකයින් අද සිට සේවයට

Admin

රට හැදුවා.. දැන් තියන්නේ ගම හදන්න.. ගමත් මට දෙන්න – අගමැති රනිල්

colombotoday

ජනපති මිලිටරි පාලනයක් හදන්න යනවාදැයි මට සැකයි – එජාප මන්ත්‍රී වෙදආරච්චි කියයි

colombotoday