Colombo Today Local News

සජිත් ජනපති වුණොත් ඉබ්බ ගගට දැම්ම වගේ… රට ගැන සිතා ඡන්දය පාවිච්චි කරන්න – කොටපොළ අමරකිත්ති හිමියෝ

වර්තමානයේ රට තීරණාත්මක සංධිස්ථානයකට එළඹ ඇති බැවින් ඉදිරි ජනාධිපතිවරණයේදී පෞද්ගලික අභිමතාර්ථ වෙනුවෙන් නොව රටේ අභිවෘද්ධිය උදෙසා ඡන්ද භාවිත කළ යුතු බව අචාර්ය පූජ්‍ය කොටපොළ අමරකිත්ති හිමියන් පවසයි.

කොළඹ අද(08) පැවති මාධ්‍ය හමුවක උන්වහන්සේ මේ බව සඳහන් කළා.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ආචාර්ය පූජ්‍ය කොටපොළ අමරකිත්ති හිමි මේ බව පැවසීය.

“MCC බෙල්ල යන ගිවිසුමක්. ලංකාවේ මැද්දේ ඇමරිකන් දූපතක් හැදුවා වගේ. සජිත් ජනාධිපති වුණොත් ඉබ්බා ගඟට දැම්මා වගේ. බෞද්ධ රටක් නෙවෙයි කියලා මංගල කිව්වා

සිංහල බෞද්ධයෝ තේරුම් ගන්න ඕනේ. සහරාන්ගේ කල්ලිය එක්ක හිටපු අය. සජිත් එක්ක ඉන්නවා කියලා ආරංචියි. දුර බලලා ඡන්දය දෙන්න. සජිත් දෙමළ සන්ධානයේ ඉල්ලීම් දෙන්න සූදානම්. අගමැති කිව්වා දෙමළ සන්ධානයේ සහාය සජිත්ට කියලා

ගෝඨාභය පිළිගන්නේ නැහැ කිව්වා. දෙපැත්තට බෙදාගන්න පුළුවන්. අවදානමෙන් ගොඩ එන එකම ක්‍රමය. ජනාධිපතිවරණයේදී ඥානවන්තව ඡන්දය දෙන්න. ගෝඨාභය නිර්පාක්ෂික පුද්ගලයෙක්

සංහිඳියාව වෙනුවෙන් යුද්ධය ජයගත්තා. මම කිසිඳු දේශපාලන පක්ෂයකට අදාළ නැහැ. නිදහස් මත දරන කෙනෙක්

Related posts

ගම්බිම් බලා ගිය අයට යළි කොළඹට එන්න විශේෂ ප්‍රවාහන සේවා

Admin

අර්ජුන මහේන්ද්‍රන් ගෙන්වන්න ජනපති අත්සන් කරයි

colombotoday

වල් ඌරන් දඩයමට ඇඳ තිබූ විදුලි රැහැනක පැටලී මවක් මිය යයි – දරු දෙදෙනාත් රෝහලේ

Admin

බන්දුලගේ කතාවට නාමල්ගේ විරෝධය

colombotoday

ආහාර විෂ වී නානුඔය සිසුන් 31ක් රෝහලේ

Admin

EPF, ETF, GRATUITY බද්ද අප්‍රේල් 01 වැනිදා සිට ක්‍රියාත්මකයි !!

colombotoday