එක්සත් ජාකික පක්ෂ මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවකදී ජනපති අපෙක්ෂක සජත් ප්‍රේමදාස මහතා කල ප්‍රකාශයකට සමාජ ජාලාවල දැඩි විරෝධය එල්ල වී ඇත.
තමන් ජනාධිපති වූ පසු අපේකම, සංස්කෘතිය, සභ්‍යත්වය රජයන යුගය ආරම්භ කරන බවත්, මෙය ප්‍රකාශ කරන්නේ වෙන කිසිවෙකුගේ මුවෙන් නොව තම “ශ්‍රී මුඛයෙන්“ යැයි හෙතෙම කළ ප්‍රකාශයට මෙලෙස විරෝධය එල්ල වී තිබේ.
බෞද්ධයන් විසින් “ශ්‍රී මුඛය“ යන්න බුදුන් වහන්සේට පමණක් භාවිතා කරන්නක් බැවින් සජිත් ප්‍රේමදාස මහතා තමාගේ මුඛ්‍ය “ශ්‍රී මුඛය“ යැයි හදුන්වාගැනීම බුදුන් වහන්සේට කළ අපහාසයක් යැයි අදහස් පලවෙමින් තිබේ.