Colombo Today Local News

සජිත්ගේ ගම්උදාවෙන් රූපවාහිනියට කෝටි 10ක පොල්ලක් !

හිටපු නිවාස ඇමැති සජිත් ප්‍රේමදාස විසින් ක්‍රියාත්මක කළ ගම් උදාව ආදර්ශ ගම්මාන වැඩසටහනේ පූර්ව ප්‍රචාරණ දැන්වීම් විකාශය කිරීම වෙනුවෙන් ජාතික රූපවාහිනියට ගෙවිය යුතුව ඇති රුපියල් කෝටි 10කට අධික මුදලක් නොගෙවා පැහැර හැර ඇතැයි ජාතික විගණන කාර්යාලය ප්‍රකාශ කරයි.

අදාළ පූර්ව ප්‍රචාරණයන් පිළිබඳව විගණන කාර්යාලය සිදුකළ විගණන පරීක්ෂණයේදී මෙම කරුණු අනාවරණය වී ඇත.

ජාතික විගණන කාර්යාලයෙන් සිදුකර ඇති විමර්ශනයෙන් හෙළි වී ඇති ආකාරයට මෙලෙස ගම්උදාව ආදර්ශ ගම්මාන වෙනුවෙන් පළ කළ දැන්වීම් සඳහා ජාතික රූපවාහිනියට ගෙවිය යුතු මුදල් ප්‍රමාණය දසකෝටි තිස්අට ලක්ෂයකි.

එම මුදලින් ජාතික රූපවාහිනියට ගෙවා ඇත්තේ රුපියල් දෙලක්ෂ පනස්දහසක මුදලක් පමණි.

මෙම අක්‍රමිකතාව පිළිබඳව ජාතික විගණන කාර්යාලය ජාතික රූපවාහිනියේ සභාපතිවරයාගෙන් ලිපියක් මගින් විමසීමක් සිදුකර ඇත.

අදාළ මුදල් අයකර ගැනීම පිළිබඳ රූපවාහිනි සභාපතිවරයාගේ නිරීක්ෂණ 2019 දෙසැම්බර් 16 වැනි දින යොමුකළ ලිපියෙන් විමසා ඇත.

මෙම ලිපියෙන් අනාවරණය වන ආකාරයට අදාළ දැන්වීම් විකාශය සඳහා ජාතික රූපවාහිනිය අවිධිමත් ආකාරයෙන් එවකට නිවාස අමාත්‍යාංශයේ ලේකම්වරයා, ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා සේම හිටපු නිවාස ඇමැති සජිත් ප්‍රේමදාසගේ පෞද්ගලික ලේකම් සමරසිංහ යන අය දැන්වීම් පළකරන ලෙස නියෝග යොමු කර ඇත.

කෙසේ වෙතත් මේ වන විට අදාළ රුපියල් කෝටි 10ක මුදල ආපසු අය කරගැනීමේ ක්‍රමවේදයක් නොමැති බවද ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ වාර්තා සඳහන් කරයි.

aruna.lk

Related posts

මහ බැංකු පරිශ්‍රයට කඩා වැදි 09ක් අත්අඩංගුවට

Admin

“රාජිතගේ බිරිද හොර රහසේම මහින්ද හමුවෙයි. පුවත අසත්‍යයි” – ඇමති රාජිතගේ මාධ්‍ය ලේකම් කරුණු පැහැදිලි කරයි

colombotoday

ආණ්ඩුව ආර්ථික, දේශපාලනික, ජාත්‍යන්තර සියලු ගැටලු අවුල්කරගෙන

colombotoday

යාපනයේ නිවසකට පෙට්‍රල් බෝම්බ ප්‍රහාරයක්

Admin

මහවැලි ගඟේ නාඳුනන පිරිමි මළ සිරුරක්

Admin

ජෙනරාල් ජගත් ජයසූරියට යුද අපරාධ චෝදනා යටතේ නඩු පවරයි !

colombotoday