Colombo Today Local News

සජිත්ගේ අලුත් සන්ධානයට එජාපයෙන් අනතුරු ඇගවීමක් !

එක්සත් ජාතික පක්ෂයේ නීති ලේකම් ජනාධිපති නීතීඥ නිශ්ශංක නානායක්කාර විසින් නව දේශපාලන පක්ෂ ලියාපදිංචි කිරීමේදී සහ දේශපාලන පක්ෂවල නම වෙනස් කිරීමේදී එක්සත් ජාතික පක්ෂයේ අනන්‍යතාවට හානි නොවන ලෙස කටයුතු කරන ලෙස ඉල්ලමින් මැතිවරණ කොමිසම වෙත ලිපියක් යොමු කර තිබේ.

සමගි ජාතික බලවේගය නමින් දේශපාලන පක්ෂයක් ලියාපදිංචි කිරිම සඳහා ඉල්ලුම් කර ඇති බවත් එම නමේ ඉංග්‍රිසි පරිවර්තනය United Naional Power යන්නයි.

එහි කෙටි යෙදුම UNP ලෙස දැක්වේ.

මෙය එක්සත් ජාතික පක්ෂයේ ඉංග්‍රීසි පරිවර්තනය වන United National Party යන්නෙහි කෙටි යෙදුම වන UNP යන්නට සමාන යෙදුමකි.

ඒ හේතුවෙන් සමගි ජාතික ජන බලවේගය නමින් දේශපාලන පක්ෂයක් ලියාපදිංචි කිරිම මඟින් එක්සත් ජාතික පක්ෂයේ කෙටි යෙදුම වන UNP යට සමාන වන බැවින් ඉහත නමින් දේශපාලන පක්ෂයක් ලියාපදිංචි නොකරන ලෙසට එම පක්ෂයේ නිතී ලේකම්වරයා මැතිවරණ කොමිසන් සභාවෙන් ඉල්ලා තිබේ.

Related posts

විශේෂ කාර්ය බළකාය වඩමාරච්චියේ හදිසි මෙහෙයුමක !

colombotoday

රජයේ හෙද නිලධාරින්ගේ සංගමයෙන් අනතුරු ඇඟවීමක්

colombotoday

අද රාත්‍රියේ සිට රට පුරා හදිසි නීතිය !

colombotoday

මහින්ද අගමැති ලෙස පිලිගනිමින් කතානායකගෙන් නිවේදනයක්…

colombotoday

තාජුඩීන් පැහැරගත් ඩිෆෙන්ඩරය හොයාගත්තා, රාජපක්‍ෂ පවුලට චෝදනා, ළගදීම අත්අඩංගුවට ගන්නවා

colombotoday

චීනය සාර්ථකව කොරෝනා පාලනය කළ හැටි මෙන්න !

colombotoday