Colombo Today Local News

සංචාරක හෝටල් සඳහා විදුලි බිල ගෙවීමට වසරක සහන කාලයක්

කොවිඩ්-19න් පීඩාවට පත් සංචාරක කේෂ්ත්‍රයේ නියුතු හෝටල් හා වාසස්ථාන වලට විදුලි බිල ගෙවීමට වසරක සහන කාලයක් ලබාදෙන චක්‍රලේඛය නිකුත් වී ඇත.

ඒ අනුව, සංචාරක සංවර්ධන අධිකාරියේ ලියාපදිංචි හෝටල් සහ වාසස්ථාන ඇතුළු ව්‍යාපාරික ස්ථානවලට මෙම වසරක සහන කාලය ලබාදෙනු ඇති.

සංචාරක අධිකාරියේ ලියාපදිංචි හෝටල් හා වාසස්ථාන සඳහා 2020 මාර්තු 01 වෙනිදා සිට අගෝස්ත 31 වන දින දක්වා සමුච්චිත විදුලි බිල්පත් 2020 සැප්තැම්බර් මස 01 වෙනිදා සිට බල පැවැත්වෙන පරිදි සමාන වාරික 12කින් ගෙවීමට අවස්ථාව සලසා තිබේ.

එම කාලය තුළ විදුලිය විසන්ධි කිරීමක් සිදු නොකරන ලෙස ද විදුලි බල මණ්ඩලය සිය ප්‍රාදේශීය ඉංජිනේරු කාර්යාල වෙත දැනුම් දී ඇත.

ඊට අදාළ උපදෙස් විදුලිබල මණ්ඩලය මඟින් සියලු ම ප්‍රාදේශීය ඉංජිනේරු කාර්යාල වෙත ලබා දී තිබේ.

කොවිඩ්-19 වසංගතය හේතුවෙන් පීඩාවට පත්වූවන්ට සහන සැලසීමේ රජයේ වැඩපිළිවෙල යටතේ මෙම පියවර ගෙන ඇත.

මීට අදාළ කැබිනට් පත්‍රිකාව සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා විසින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ අතර ඊට අනුමැතිය හිමිව තිබිණි.

Related posts

එජාපයට එරෙහි වූවන්ට විනය පරීක්ෂණ

colombotoday

තරුණියන්ට අතවර කළ මාතලේ ලෙබ්බේ අතේ මාට්ටු වුණ හැටි (වීඩියෝ සහිතයි)

colombotoday

උතුරු-නැගෙනහිර සදහා “සංහිදියාවේ නාලිකාවට” කැබිනට් අනුමැතිය !

colombotoday

තෙත් බිම් උද්‍යාන නවීන තාක්ෂණය ඔස්සේ ප්‍රවර්ධන වැඩසටහනට සමගාමීව බැද්දගාන උයනට කිව්.ආර් කේතයක්

Admin

ඩීසල් මිල වැඩි වුනත් බස් ගාස්තු සංශෝධනයක් නෑ..

Admin

බෙදුම්වාදී ව්‍යවස්ථාව සහ අප ගත යුතු මග – ඥාණසාර හිමිගෙන් ප්‍රකාශයක් (Video)

colombotoday