Colombo Today Local News

ෂාෆිගෙන් හෙළිවුණු ගර්බාෂ යුද්ධය සහ, සිංහල වාර්ගික සංහාරය !

කුරුණෑගල රෝහලේ සේවයේ නියුතුව සිටි වෛද්‍ය සාෆි සහබ්දීන් එක්සත් ජාතික පක්‍ෂයේ මැතිවරණ අපෙක්ෂකයකු වගේම එහි සිරිකොත මූලස්ථානයේ නඩත්තු කිරීමට මුදල් ලබාදෙන අයකු හෙයන් එජාප ආණ්ඩුවේ සෞඛ්‍ය ඇමති රාජිත සේනාරත්නගේ කමිටුවලින් සිදුවන්නේ ඉහත වෛද්‍යවරයාට සුදුහුණු ගෑම පමණක් බවත් මේ ‘සාෆිගේ ගර්භාෂ යුද්ධයේ’ ගොදුරු බවට පත් වූ මව්වරුන්ට යම් හෝ සාධාරණයක් ඉටු කළ හැක්කේ රෝහල් කාර්ය මණ්ඩලය ද නියෝජනය වන ලෙස ජනාධිපතිවරයා පිහිටුවනු ලබන ස්වාධීන කමිටුවකින් බවත් ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා පෙන්වා දෙයි.

කුරුණෑගල රෝහලේ අධ්‍යක්‍ෂවරුන් ඇතුළු කාර්ය මණ්ඩලයේ නිලධාරීන් සහ වෛද්‍ය සාෆි සහබ්දීන්ට එරෙහිව පැමිණිලි ඉදිරිපත් කිරීමට පැමිණ සිටි මව්වරුන් ද සමඟ සාකච්ඡා කිරීමෙන් අනතුරුව රෝහල් පරිශ්‍රයේ සිටි මාධ්‍යවේදීන් අමතා විමල් වීරවංශ මහතා මෙසේ පෙන්වා දුන්නේය.

ඉහත වෛද්‍යවරයා විසින් සිසේරියන් සැත්තම්වලට භාජනය කරන ලද මව්වරුන් 300ක් පමණ පැමිණිලි කර ඇත්තේ එකම කරුන බවත් එනම් තමන් හට සිදු කරන ලද සැත්කමින් පසු දරු ඵල අහිමි වූ බවත් යැයි පැවසූ විමල් වීරවංශ මහතා මෙය මේ රටේ ඉපදීමට සිටි රත්තරන් දරු පැටව් ටිකක් මරා දැමීමක් නොවේදැයි විමසා සිටියේය.

සාෆි වෛද්‍යවරයා සිදුකර ඇත්තේ ‘ගර්භාෂ යුද්ධයක් බවත්, සිංහල මව්වරුන් පමණක් ඉලක්කකර ගෙන සිදුකරන ලද හෙයින් එය ‘ජනවාර්ගික සංහාරයක්’ ලෙසද හැඳින්විය හැකි බවත් වීරවංශ මහතා සඳහන් කළේය.

මෙම අවස්ථාවට ජානිපෙ ජාතික සංවිධායක ජයන්ත සමරවීර, ලක්මව දියණියෝ ජාතික සංවිධායිකා ප්‍රියංගා කොතලාවල, කුරුණෑගල දිස්ත්‍රික් නායක කැලුම් ජයසුමන යන මහත්ම මහත්මීන් ද එක්ව සිටියහ.

– අනුරුද්ද බණ්ඩාර

Related posts

වෙසක්-පොසොන් දින තොරණ තහනම් කීරීමට තීරණය කර නෑ – රජයෙන් නිවේදනයක්

colombotoday

මෛත්‍රීපාල මහින්ද එකතුව රටට යහපත් – අස්ගිරි මහනායක හිමි

colombotoday

සැඟවී සිටි අපරාධ කරුවෙකු පොලිස් වෙඩි පහරින් මරුට

colombotoday

නිදහස් දින සැමරුම් අවම පිරිවැයක් යටතේ කරන්න ජනපති උපදෙස්

Admin

ෆයිසර් එන්නත් මාත්‍රා ලක්ෂ 4ක් දිවයිනට

colombotoday

දක්ෂිණ අධිවේගයේ නාය යෑමෙන් වාහන ධාවනයට බාධා..

Admin