Colombo Today Local News

ශ්‍රී ලංකා මහ බැංකුවට ඉන්දියාවෙන් ඇ.ඩො. කෝටි 400 ක්

ඉන්දියානු මහ බැංකුව ඇමෙරිකානු ඩොලර් කෝටි 400ක ශ්‍රී ලංකා මහ බැංකුවට ලබාදීමට එකඟතාව පළ කර ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

මෙරට විදෙස් සංචිත ප්‍රමාණය ඉහළ නංවා ගැනීමේ අරමුණින් ශ්‍රී ලංකා මහ බැංකුව කරන ලද ඉල්ලීමකට අනුව ඉන්දියානු මහ බැංකුව එම මුදල් ලබාදීමට එකඟ වූ මහ බැංකුව සඳහන් කරයි.

මීට අමතරව තවත් ඇමෙරිකා ඩොලර් බිලියනයක මුදලක් ලබාගැනීම සඳහා ඉන්දියානු මහ බැංකුව සමඟ ද්විපාර්ශවීය හුවමාරු ගිවිසුමක් ඇති කරගැනීමට අපේක්ෂිත බව ද ශ්‍රී ලංකා මහ බැංකුව කියයි.

ඉන්දීය මහ බැංකුවෙන් ලැබෙන මෙම මූල්‍ය සහයෝගය ශ්‍රී ලංකාව කෙරෙහි ආයෝජකයන්ගේ විශ්වාසය වැඩි කිරීමට හේතුවනු ඇතැයි ද ප්‍රමාණවත් විදෙස් සංචිත ප්‍රමාණයක් පවත්වාගෙන යෑමට උපකාරි වනු ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව කියයි.

ශ්‍රී ලංකාවේ විදෙස් සංචිත ශක්තිමත් කිරීම සඳහා ඉන්දීය මහ බැංකුවෙන් ශ්‍රී ලංකා මහ බැංකුවට එම මුදල ලැබෙන අතර ‘කලාපීය සහයෝගීතාව සඳහා වන දකුණු ආසියානු සහයෝගීතාව සංවිධානයේ හුවමාරු පහසුකම’ යටතේ එම මුදල් ලැබීමට නියමිත යැයි ද ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ නිවේදනයක සඳහන් වේ.

පසුගිය වසරේ අවසන් මාස තුනේදී විදේශ මෙරට විදෙස් සංචිතවලින් ඩොලර් බිලියන 1.1ක් පමණ අහිමි වූ බවත් වසර අවසන් වනවිට සමස්ත විදෙස් සංචිත ප්‍රමාණය එක්සත් ජනපද ඩොලර් බිලියන 6.94ක් වූ බවත් මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා පවසයි.

Related posts

ජාතික තරුණ සේවා සභාවේ තනතුරෙන් ඉරාජ් වීරරත්න ඉවත් වෙයි.

colombotoday

අලගල්ල කන්දෙන් සිසුවෙක් ඇදවැටේ

Admin

ගම ගොඩනැගීමට බැංකු සේවා ගමට ගෙනියන්නැයි ජනපති කියයි

colombotoday

අද රන් මිල මෙන්න

Admin

ඉන්ධන මිල සූත්‍රය හොඳ දෙයක් නව ඇමති කියයි

Admin

අනිවාර්යයෙන්ම චීන යුධ හමුදාවෙන් ඇවිල්ලා තියෙනවා

colombotoday