Colombo Today Sports News

ශ්‍රී ලංකා කණ්ඩායමට දරුණු පරාජයක්

නවසීලන්තය සහ ශ්‍රීලංකාව අතර පැවති පළමු එක්දින තරගයේ ජයග්‍රහණය තමන් සතුකර ගැනීමට සත්කාරක නවසිලන්ත කණ්ඩායමට හැකියාව ලැබුනා.
පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායමට සියලුදෙනා දැවී ලබාගැනීමට හැකියාව ලැබුනේ ලකුණු 188ක් පමණයි. ශ්‍රී ලංකා කණ්ඩායමේ මුල්පෙළ පිතිකරුවන් 6 දෙනාටම ලකුණු දහයේ සීමාවට ලගාවීමට ඉඩ නොලැබුණු අතර පන්දු 82 කට මුහුණදුන් මලින්ද සිරිවර්දන ලකුණු 66ක් සහ පන්දු 73 කට මුහුණදුන් නුවන් කුලසේකර ලකුණු 58ක් ලබාගනිමින් කණ්ඩායම අවමානයෙන් මුදවා ගැනීමට සමත්වුණා. කුලසේකරගේ ඉනිමට වර්ණවත් 6 පහර 5 ක් එක් වුනා.

ප්‍රතිවාදී නවසීලන්ත කණ්ඩායම කඩුලු 3ක් පමණක් දැවී පන්දු ඕවර 21 කදී ලකුණු 191 ලබා කඩුලු 7ක පහසු ජයග්‍රහණයක් ලබා ගත්තා.

Related posts

නිරෝධායන ක්‍රියාවලිය නිසා ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය කල් යයි

colombotoday

ශ්‍රී ලංකා ක්‍රිකට් හා ක්‍රීඩා ඇමතිට එරෙහිව නුවන් සොයිසා නඩු මගට

colombotoday

LPL නැරඹීමට ප්‍රේක්ෂකයින්ට අවසර

colombotoday

ශ්‍රේණිගත කිරීම් වලින් මහීෂ් උඩට

Admin

සනත් ජයසූරියට වසර දෙකක තහනමක්

colombotoday

ශ්‍රී ලංකා T20 ලෝක කුසලාන සිහිනය අවසන් – ඕස්ට්‍රේලියාවට ජය

Admin