Colombo Today Local News

“ශ්‍රී ලංකාව බෞද්ධ රටක් නොවෙයි. මා කී කතාව නිවැරදියි” -විග්නේශ්වරන් යලි කියයි

ශ්‍රී ලංකාව බෞද්ධ රටක් නොවන බවට තමන් විසින් සිදුකළ ප්‍රකාශය ඉතිහාස මූලාශ්‍ර හා ඉතිහාසඥයින්ගේ මතයන් මත සිදුකළ නිවැරදි ප්‍රකාශයක් යැයි උතුරු පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු සී.වී.විග්නේෂ්වරන් මහතා අද(18)පැවසීය.
 
 
ශ්‍රීලංකාවට බුදු දහම පැමිණීමට පෙර මෙරට දමිළ ජාතිකයින් විසූ බව ඉතිහාස මූලාශ්‍රවල සදහන්ව තිබෙන බවත් මෙරට බෞද්ධාගම වැළදගත් මුල්ම ජනකොට්ඨාසයද දමිළ ජාතිකයින් බවත් හෙතෙම සදහන් කළේය‍.
 
 දැඩි ආන්දෝලනයකට තුඩු දී තිබෙන ශ්‍රීලංකාව බෞද්ධ රටක් නොවන බවට විග්නේෂ්වරන් මහතා විසින් සිදුකර ඇති ප්‍රකාශය සම්බන්ධයෙන් කරන ලද විමසුමකට පිළිතුරු දෙමින් විග්නේෂ්වරන් මහතා මේ අදහස් පළකර සිටියේය.
 
 
වැඩිදුරටත් අදහස් දැක්වූ විග්නේෂ්වරන් මහතා මෙසේද කීය.
 
ශ්‍රීලංකාව බෞද්ධ රටක් නොවන බවට පෙන්වා දුන් තම ප්‍රකාශය ගැන මාධ්‍ය මගින් බෞද්ධ සමාජීය හා ආගමික නායකයින්ගේ විවේචන එල්ල වෙනවා.කෙසේ නමුත් මම කළේ නිවැරදි ප්‍රකාශයක්.මම කියනවා මගේ ප්‍රකාශය විවේචනය කරන පාර්ශව වලට මුලින්ම ඒ පැරණි ඉතිහාසය ගැන අවබෝධ කරගෙන කතා කරන්න කියලා.
 
 
ශ්‍රී ලංකාවට බෞද්ධාගම පැමිණීමට පෙර මෙරට තුළ දෙමළ ජාතින් ජීවත් වී තිබෙන බව ඉතිහාස මූලාශ වල සදහන් වෙලා තියෙනවා. ඉතිහාසඥයින් මෙන්ම ඉතිහාස මහාචාර්යර්යවරුන්ගේද මතය ඒකයි.ඒ ප්‍රකාශය මා ආවට ගියාට කරපු ප්‍රකාශයක් හෝ බෞද්ධාගම නිගා කිරීමට කරන ලද ප්‍රකාශයක් නොවෙයි.මම ඒ කී දේ ඇත්ත. මගේ කතාව වැරදියි නම් පුරණ මූලාශ්‍රවලට අනුව ඒ කතාව වැරදියි කියල මට කියල දෙන්න.එවිට මා සූදානම් ඒ වරද්ද පිළිගන්න මට මංවත් නොදන්න ඇත්ත කියල දෙන්න කියල මම ඉල්ලනවා. මම පිළිගන්න යැයිද විග්නේෂ්වරන් මහතා සදහන් කළේය.

Related posts

ඉන්දියාව ශිවාජිලිංගම්ට වීසා ලබාදීම ප්‍රතික්ෂේප කරයි

colombotoday

කරවිල ඇටවලින් පිළිකාව නසන ප්‍රත්‍යක්ෂ ඖෂධයක් !

colombotoday

මැදවච්චිය ප්‍රාදේශිය සභාව බල රහිත වෙයි. – 2021 අය වැයත් පරාදයි සභා සම්මත වෙලත් නෑ.

colombotoday

පාරිභෝගික කටයුතු පිලිබඳ අධිකාරියේ ඉහල නිලධාරියෙකුගෙන් සේවිකාවකට ලිංගික අතවර | කාන්තා හා ළමා කාර්යාංශයට පැමිණිලි

colombotoday

නිවැරදි දේ කිරීමට නොහැකි රාජ්‍ය නිලධාරියා රටට බරකි.මගේ ක‍්‍රමයට වැඩ කරන්න බැරිනම් ඉල්ලා අස්වෙන්න..- ජනපති

colombotoday

ඉන්ධන මිළ ඉහළ දැමීම රටට යහපතක්.. පරිසර දූෂණය අඩුවෙනවා – ඇමති ඉරාන්

colombotoday