Colombo Today Local News

මැදවච්චිය ප්‍රාදේශිය සභාව බල රහිත වෙයි. – 2021 අය වැයත් පරාදයි සභා සම්මත වෙලත් නෑ.

මැදවච්චිය ප්‍රාදේශිය සභාවේ 2021 අය වැය සම්මත නොවුණු, සභාවේ පසුගිය වාර්ථා සම්මත නොවුන, වංචා දූෂණයෙන් පිරි (ශ්‍රී.ල.පො.ජ.පෙ) නියෝජනය කරන සභාපතිවරයා තම ධූරයෙන් ඉවත් නොකර නැවතත් එම ධූරයේම තැබීමට පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයක් හොබවමින් සිටින ආසන සංවිධායක වරයෙකු කටයුතු කිරීම තරයේ හෙළා දකින බව සභාවේ විපක්ෂ නායක (එ.ජා.ප) වසන්ත රණතුංග මහතා පැවැසීය.

මේ වන විට මෙම සභාපති වරයා තම සභාපති බලතල අවභාවිතා කරන බවත් එම සභාපතිවරයා විසාදිය නැමැති රෝගයෙන් පෙලෙන්නෙකු මෙන් හැසීරෙන බවද ඒ මහතා සඳහන් කළේය.

2021 අයවැය සහ සභා වාර සම්මත නොවූ මැදවච්චිය ප්‍රාදේශිය සභාවට නව සභාපති වරයෙකු පත් කළ යුතු බවට පවසා අද(04) මාධ්‍ය වෙත අදහස් දක්වමින් සභාවේ විපක්ෂ නායක (එ.ජා.ප) වසන්ත රණතුංග මහතා තව දුරටත් මෙසේද කීය.

“ මැදවච්චියේ මේ වන විට 2021 අය වැය මන්ත්‍රීවරු බහුතරයක් ප්‍රතික්ෂේප කරලා තියෙනවා. ඒ අනුව අය වැය සම්මත වෙලා නෑ මේ වෙනකම්. ඒ වගේම සභා වාර කිහිපයක සභා වාර්තාද මේ සභාවේ සම්මත වෙලා නෑ. දැන් කළ යුත්තේ සභාපති වරයා වහාම ඉල්ලා අස් වීම හෝ බලධාරින් ඒ පිළිබඳ අවධානය යොමු කර එම සභාපති වරයා තනතුරින් ඉවත් කර නව සභාපති වරයෙක් එම පක්ෂයෙන්ම හරි පත් කිරීමයි. නැත්නම් මේ සභාව බල රහිත වුණ සභාවක් ලෙස තමයි දැන් පවතින්නේ.

කොමසාරිස්වරයා දැණට මෙම සභාපති වරයාට ලිපි 03 ක් මගින් නැවත අය වැය සම්මත කර එවන්න කියා උපදෙස් ලබා දී තිබෙනවා. එය තඹ දොයිතුවකට මායිම් නොකර සභාපති වරයා තමන්ගේ බලතල අවබාවිතා කරමින් මේ වන විට සිටිනවා.

අපි බහුතර මන්ත්‍රි පිරිස විස්වාස කරනවා මේ මොහොතේ කොමසාරිස් වරයා සහ කීර්තිනාමයක් දිනා ගෙන ඇති ආණ්ඩුකාර වරයෙක් ලෙස අපට දැනට සිටින ආණ්ඩුකාර වරයා මෙයට සාධාරණ තීන්දුවක් ගනිවි කියලා.

අය වැය පරාජයට පත් වෙලා සභාපතිවරයා බලහත්කාරයෙන් සභා පවත්වනවා. මෙහෙම සභාපතිවරයා හැසිරෙන්න එතුමාට තිබෙන බලය කුමක්ද කියලා අපි දන්නේ නෑ. අපිට දැනගන්නට ලැබුණා මැදවච්චිය ආසනයේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරයෙකු වී සිටින සංවිධායක වරයෙක් මේ දූෂිත සභාපතිවරයා ආරක්ෂා කරන්න කටයුතු කරනවා කියලා. එයින් අපට තේරෙන්නේ ඒ සංවිධායක වරයාත් මේ සභාපතිවරයාගේ වංචා , දූෂණ, හොරකමට, බොරුවට යන කාරනා වළට සම්බන්ද කරුවෙක් කියලයි. මේ සභාපති වරයා සභාවේ පරණ සභා ගොඩ නැගිල්ල හඳන්න පලාත් පාලනෙන් දුන්න මුදල් පවා ගසා කෑවා. දවස් ගානක් වහල හැදුවේ සභාවේ සේවකයින් දෙතුන් දෙනෙක් දාලා. දැන් ඒවටත් හොර බිල් දාලා.

දැන් සභාපතිවරයා විසාදිය නැමැති රෝගයෙන් පෙළෙනවා. අවුරුදු 70 පැන්න අයට මේ රෝගය වැලදෙන්න පුලුවන්. ඉක්මනින් කියන කරන දේවල් අමතක වෙන රෝගය තමයි ඒක. කෙසේ වෙතත් දේශපාලන වශයෙන් පරිපාලන වශයෙන් අසාර්ථක මේ සභාපති වරයා කඩිනමින් ඉවත් කර මැදවච්චිය ප්‍රාදේශිය සභාව කඩිනමින් යතා තත්ත්වයට පත් කිරීම සිදු විය යුතුයි.” යැයි එහිදී පැවැසීය.

එම චෝදනාව පිළිබඳ අප මැදවච්චිය ප්‍රාදේශීය සභාවේ සභාපති(ශ්‍රී.පො.ජ.පෙ) හේරත් සේනාරත්න මහතා,
මම වංචා දූෂණ කළානම් ඒවා ඔප්පු කරන්න කියන්න ඔය කියන අයට. මම මේ පිළිබඳ අපේ පක්ෂයේ ඉහලටම දැණුවත් කරලයි තියෙන්නේ. ඒ අය කියලා තියෙන්නේ මට ප්‍රශ්නයක් වෙන්නේ නෑ කියලා තනතුර පිළිබඳ. (ශ්‍රී.පො.ජ.පෙ) උප සභාපති වරයා ඇතුලු මන්ත්‍රි කණ්ඩායම , සභාවේ විපක්ෂ නායකයා ඇතුලු මේ කණ්ඩායම සිදු කරනේ කුමන්ත්‍රණය මේ. මම මැදවච්චියට මේ වන විට විශාල සංවර්ධනයක් කරලා තියෙනවා. වැසිකිලි පද්දතිය, කොම්පෝස් ව්‍යාපෘති, ජල ව්‍යාපෘති මමයි ආරම්භ කළේ. ලැබුණ සියලු මුදල් ජනතා සේවයටම යෙදෙවුවා.

පරණ සභාවේ වහල කැඩිලා ඒක හදන්න පටන්ගත්තා අපි. මගේ ගෙදර තිබුණ ලී තමයි ඒකට දැම්මේ. ඒ වගේ සභාවට මුදල් ඉතුරු කළා.

මැදවච්චය – සජිත් ගයාන් උබේපාල

Related posts

බැසිල් පාර්ලිමේන්තුවෙන් ඉල්ලා අස්වීම නිල වශයෙන් නිවේදනය කරයි

colombotoday

“පාර්ලිමේන්තුවේ ‘අන්න හොරා‘ කියන පික්පොකට් කාරයා”.. ජනපතිගේ සැර කනේ පහර කාටද [Video]

colombotoday

මන්දකට හසුවී තවත් දිවියෙකු අවසන් ගමන් යයි

colombotoday

උසස් පෙළ උපකාරක පන්ති, සම්මන්ත්‍රණ අද මැදියම් රැයේ සිට තහනම්..

Admin

කොටි ප්‍රහාරවලිවන් මිය ගිය ඉන්දීය සාම සාදක හමුදාව යාපනයේදී සමරයි

colombotoday

ජමයතුල් උලමා සභාව මුස්ලිම් කටයුතු දෙපාර්තමේන්තුවට අභියෝග කරයි. – වසා දැමීමට නියෝග කල මත්තබ් මද්‍රසා දිගටම පවත්වාගෙන යයි.

colombotoday