Colombo Today Local NewsCovid 19

ශ්‍රී ලංකාව කොරෝනා මර්දනයෙන් ලොව සෙසු රටවලට වඩා ඉදිරියෙන් – සෞඛ්‍ය ඇමතිනී

ශ්‍රී ලංකාව කොරෝනා මර්දනය අතින් ලොව සෙසු රටවල් වලට වඩා සාපේක්ෂ ලෙස ඉදිරියෙන් සිටින බව සෞඛ්‍ය ඇමති පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය සඳහන් කරයි.

මෙම ජනවාරි මාසෙදි බෝවන රෝග සඳහා ඇඳන් තිබුණේ 150ක් පමණ වුවත් අද වන විට එය 3000 දක්වා ඉහල ගොස් ඇතැයිද ඇය පැවසීය.

මේ වන විට රෝහල් 30ක් ඒ වෙනුවෙන් සූදානම් කර ඇති බවත් පවසන ඇය කොරෝනා පරීක්ෂණ සංඛ්‍යාවද දිනකට අට දහසක් පමණ දක්වා ඉහළ දමා ඇතැයිද කියා සිටියාය.

පාර්ලිමේන්තුවේදී කොරෝනා වෛරස ව්‍යාප්තිය සම්බන්ධයෙන් සිදු කරන ලද විවාදයේදී ඇය මෙම අදහස් පල කලාය.

Related posts

ප්‍රහාරයට හේතුව ආරක්ෂක අංශ ක්‍රියාත්මක නොවීමයි – මුස්ලිම් ආගමික කටයුතු ඇමති කියයි

colombotoday

රෝහිණි මැතිසබයේ ගංජා ගීතයක් ගයයි

Admin

මුලතිව් ගුරුකන්ද විහාරයේ වස් ආරාධනා පින්කම නවත්වන්න මුලතිව් පොලීසිය දැනුම් දෙයි

colombotoday

රන්ජන්ට ඇප නෑ !

colombotoday

සූදු ගැසූ බදුල්ල ඩිපෝ සේවකයින් අත්අඩංගුවට

colombotoday

නිරෝධායනයට පිරිසක් රැගත් බසයක් අනතුරකට ලක්වෙයි

colombotoday