Colombo Today Local News

ශ්‍රී ලංකාවට සේලයින් නිෂ්පාදන කර්මාන්තශාලාවක්

මෙම වසර අවසන් වීමට පෙර ශ්‍රී ලංකාවේ සේලයින් නිෂ්පාදන කර්මාන්තශාලාවක් ඉදිකිරීමට කටයුතු කරන බව ඖෂධ නිෂ්පාදනය සැපයීම හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසයි.

අනුරාධපුර නොච්චියාගම නගරයේ දී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කළේය.

“ශ්‍රී ලංකාව තුළ නිෂ්පාදනය කරන ඖෂධවලින් සියයට 90ක්ම විදේශ රටවලින් ගේන ඒවා..ජනාධිපතිතුමා උපදෙස් දුන්නේ අවුරුදු 5කින් මේ රටට පිටරටින් ඖෂධ ගෙන ඒම නතර කරන්න..ඒ වෙනුවෙන් අපි සැළසුම් සකස් කරගෙන යනවා..බැසිල් රාජපක්ෂ මහතා සමග ඊයේ පැවති රැස්වීමක දී අපි එකඟතාවයකට ආවා මේ අවුරුද්ද අවසන් වීමට ප්‍රථම මෙරටට අවශ්‍ය සේලයින් රට තුළම නිෂ්පාදනය කිරීමට කර්මාන්තශාලාවක් ආරම්භ කරන්න..මේ වසර නිමවීමට පෙර එම කර්මාන්තශාලාවේ නිෂ්පාදන රටට ලබාදෙන්නත් කටයුතු කරනවා..” යනුවෙන් ඒ මහතා ප්‍රකාශ කළේය.

එසේම පසුගිය රජය සමයේ පැවති ඖෂධ මාෆියාව මෙරටින් තුරන් කර ජනතාවට ප්‍රමිතියෙන් යුතු ඖෂධ සාධාරණ මිලකට ලබාදීමට කටයුතු කරන බවත් ඒ මහතා ප්‍රකාශ කළේය.

ඉදිරි සති කිහිපය තුළදී එහි ප්‍රතිඵල ජනතාවට භුක්ති විඳීමට හැකිවනු ඇති බවත් රාජ්‍ය අමාත්‍යවරයා පැවසීය.

Related posts

“අදුරෙන් එළියට” නව ව්‍යවස්ථාවට එරෙහිව ගෝඨාගෙන් අලුත් වැඩක් !

colombotoday

ජනපති පුත් දහමට විරුද්ධ මඩ මෙහෙයුම දියත් කලේ එජාපයදැයි සොයන්න CID යොදවයි

colombotoday

දිවි සැරියට සමු දුන් රොනී ද මෙල්

Admin

“දෙමටගොඩ රුවන්” ගේ රුපියල් කෝටි 40 ක හෝටලයක් CID භාරයට.

colombotoday

රජයේ ස්ථිර රැකියා මීටපසු නෑ -ආයතන ප්‍රධානියා අකමැතිනම් වසර අගදී රාජ්‍ය සේවයෙන් දොට්ට

colombotoday

නායයෑමෙන් අවහිර වූ හැටන් – කොළඹ මාර්ගය යථා තත්ත්වයට

Admin