Colombo Today Local News

ශ්‍රී ලංකන් හිටපු සභාපති අලෙවි සහකාරිණියකට ගුවන් සමාගමේ මුදලින් ඩුබායි ගෙයක් අරන් දීලා…

ශ්‍රී ලන්කන් එයාර්ලයින්ස් සමාගමේ හිටපු සභාපති නිශාන්ත වික්‍රමසිංහ මහතා 2012 වසරේ සිට 2014 දක්වා කාලයේදී ඩුබායි හි සිටි අලෙවි සහකාරිණියකට මහල් නිවසක් ලබාගැනීම වෙනුවෙන් එම සමාගමේ මුදලින් රුපියල් මිලියන 2.4ක් වෙන් කර ඇතැයි අනාවරණය වී ඇත.

ශ්‍රී ලන්කන් එයාර්ලයින්ස් සහ මිහින් ලංකා යන සමාගම්වල සිදු වී ඇති වංචා, දූෂණ සහ අක්‍රමිකතා සෙවීමට පත් කර ඇති ජනාධිපති කොමිෂන් සභාවේදී මේ කරුණු අනාවරණය වී තිබේ.

ශ්‍රී ලන්කන් එයාර්ලයින්ස් සමාගමේ මූල්‍ය අංශයේ ප්‍රධානී යසන්ත දිසානායක මහතා ජනාධිපති කොමිසම ඉදිරියේ කරුණු දක්වමින් ඒ බව සඳහන් කර ඇත.

ඩුබායිහි සිටින විධායක නිලධාරීන් පුහුණු කිරීම සඳහා ලබාගත් නිවාස සංකීර්ණයක් වෙනුවෙන් මාසික මුදලක් වෙන් කරන්නැයි එවකට සමාගමේ සභාපති නිශාන්ත වික්‍රමසිංහ මහතා උපදෙස් දුන්නේ යැයි යසන්ත දිසානායක මහතා ජනාධිපති කොමිසම ඉදිරියේ සාක්ෂි ලබාදෙමින් පවසා තිබේ.

ඩුබායි හි සිටින අලෙවි සහකාර නිලධාරිණියක වන ෂෙහානි රොද්‍රිගෝ නැමැත්තියකට අදාළ මුදල් වෙන් කරන්නැයිද වික්‍රමසිංහ මහතා උපදෙස් දුන් බවද ඔහු කොමිසම හමුවේ පවසා ඇත.

අදාළ ගෙවීම්වලට සම්බන්ධ ඉන්වොයිස්වල සඳහන් කර ඇත්තේ ගෙවීම් කළ යුතු සමාගමේ නමක් නොව ඉහත කී තැනැත්තියගේ නම යැයිද යසන්ත දිසානායක මහතා කොමිසම ඉදිරියේ පවසා ඇත.

මේ අතර 2017 වසරේ ශ්‍රී ලන්කන් එයාර්ලයින්ස් සමාගම ලබා ගත් ණය මුදල් පිළිබඳව තොරතුරුද අද (09) අනාවරණය වී තිබේ.

2017 පෙබරවාරි මස අමෙරිකානු ඩොලර් මිලියන 34.5ක ණය මුදලක් ස්ටෑන්ඩර්ඩ් චාර්ටඩ් බැංකුව විසින් ශ්‍රී ලංකන් එයාර්ලයින්ස් සමාගමට ලබා දී ඇත.

මෙම ණය මුදලෙන් අමෙරිකානු ඩොලර් මිලියන 27ක් භාවිත කර තිබුණේ, ගුවන් යානා මිලදී ගැනීම සඳහා එළැඹ තිබූ කල්බදු ගිවිසුමක් අහෝසි කිරීමේ දඩ මුදල් ගෙවීම සඳහා ය.

ගුවන් සමාගම, මෂ්රික් බැංකුවෙන් ලබා ගත් ණය මුදලේ එකඟ වූ කොන්දේසි සපුරාලීමට අපොහොසත්වීම හේතුවෙන් එම සමාගමට අලාභයක් දැරීමට සිදු වූ බව අද ජනාධිපති කොමිසම හමුවේ තවදුරටත් අනාවරණය වී තිබේ.

මෙම අලාභ පියවීම සඳහා ඩොලර් මිලියන 150ක ණය මුදලක් ඉස්ලාමීය බැංකු පහසුකම් යටතේ ලබා ගෙන ඇත.

මෙම ණය පහසුකම ලබා ගැනීම සඳහා අල් හිල්අල් බැංකුව, අබුඩාබි ඉස්ලාමික් බැංකුව, නූර් ඉස්ලාමික් බැංකුව, යුනයිටඩ් බැංකුව සහ ශ්‍රී ලංකාවේ කොමර්ෂල් බැංකුව අතර ණය සපයන්නෙකු ලෙස ක්‍රියා කිරීමට ශ්‍රී ලංකන් එයාර්ලයින්ස් සමාගම ස්ටෑන්ඩර්ඩ් චාර්ටඩ් බැංකුවේ ලන්ඩන් කාර්යාලයට ඉල්ලීමක් කර තිබිණි.

කොමිෂන් සභාවේදී තවදුරටත් අනාවරණය වි ඇත්තේ, ශ්‍රීලංකන් එයාර්ලයින්ස් සමාගම අමෙරිකානු ඩොලර් මිලියන 175ක් ලබා ගැනීම සඳහා ජාත්‍යන්තර බැඳුම්කර නිකුතුවක් සඳහා ස්ටෑන්ඩර්ඩ් චාර්ටඩ් බැංකුව ප්‍රධාන කළමනාකරු ලෙස පත් කර තිබූ බව ය.

මෙම බැඳුම්කර 2019 දෙසැම්බර් මාසයේදී කල් පිරීමට නියමිතව තිබේ.

Related posts

මේ ආණ්ඩුව යටතේ උතුරේ ජනතාව ඉන්නේ බියෙන් කොටි කාලේ අපි ආරක්ෂිතව ජීවත් වුණා.. නැවත LTTE පාලන ක‍්‍රමයක් ඕනේ- විජයකලා

colombotoday

යතුරුපැදිවලට, කුඩා ලොරි රථවලට බදු සහන දුන් හේතුව ඇගමැති කියයි

colombotoday

දළඳා මාලිගාවේ වෙඩින් ප්‍රී ෂූට් එකක්

Admin

තලතාගේ කැබිනට් පත්‍රිකාව ජනපති කුණු කූඩයට දමයි

colombotoday

කරාටේ ශූර නයිට් ක්ලබ් හිමි කරු කපා කොටා මරා දමයි.

colombotoday

අභිනව ජනාධිපතිවරයා තෝරා ගැනෙන තීරණාත්මක ඡන්ද විමසීම ඇරඹේ…

colombotoday