Colombo Today Local News

ශ්‍රිනිප ජාතික ලැයිස්තු මන්ත්‍රී 5ගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවයි

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ජාතික ලැයිස්තු මන්ත්‍රීවරුන් ලෙස පත් කළ මන්ත්‍රීවරු 05 දෙනෙකුගේ පක්ෂ සාමාජිකත්වය තහනම් කිරිමට කටයුතු කරන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පැවසීය.

මාතලේ ප්‍රදේශයේදී මාධ්‍ය හමුවක් කැඳවමින් ඔහු මේ බව ප්‍රකාශ කළේය.

ඒ අනුව ආණ්ඩුවට සහාය දක්වන ඒ.එච්.එම් ෆවුසි, විජිත් විජේමුණි සොයිසා  යන මහත්වරුන්ගේත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට එක්වූ එස්.බී දිසානායක, ඩිලාන් පෙරේරා හා ලක්ෂ්මන් යාපා අබේවර්ධන  යන මන්ත්‍රීවරුන්ගේත් පක්ෂ සාමාජිකත්වය අහෝසි කිරීමට නියමිතය.

ඉදිරි දින දෙක තුන ඇතුළත අදාළ ලිපි ඔවුන්ට යොමු කිරිමට නියමිත බවත් ඒ මහතා පැවසීය.

Related posts

එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ බහළුමක් පුපුරයි

colombotoday

රක්ෂිත කැලෑවක නිදන් හෑරූ හතරක් අත්අඩංගුවේ

Admin

ප්‍රදේශ කිහිපයකට ගිගුරුම් සහිත වැසි

colombotoday

පුපුරන ද්‍රව්‍ය තොගයක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට

colombotoday

SAITM තීන්දුව පිලිගන්න වෙනවා.. දැන් ඉතින් කරන්න දෙයක් නෑ

colombotoday

සමාජ මාධ්‍ය පාලනයට පනතක් !!

colombotoday