කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා විපක්ෂයේ අසුනක් වෙන් කරන ලෙස වාචිකව ඉල්ලීමක් කර ඇතැයි ද පාර්ලිමේන්තු ආරංච් මාර්ග පවසයි. එම ඉල්ලීම ලිඛිතව දන්වා එවන ලෙස කුමාර වෙල්ගම මහතාට දැනුවත් කර තිබේ.
මේ අතර පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂ අසුනක් ලබාදෙන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන අතුරලියේ රතන හිමියෝ සහ වසන්ත සේනානනයක මහතා කතානායක කරූ ජයසූරිය මහතාගෙන් ලිඛිතව ඉල්ලා තිබේ.
මේ ඉල්ලීම් සැලකිල්ලට ගෙන ජ්‍යෙෂ්ඨත්වය මත අසුන් පැනවීමට කටයුතු කරන බව පාර්ලිමේන්තුවේ වේත්‍රධාරී නරෙන්ද්‍ර ප්‍රනාන්දු මහතා පවසයි.