Colombo Today Local News

වෙල්ගම පොහොට්ටුවේ සංවිධායක දුරයෙන් ඉවතට

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ බදුල්ල දිස්ත්‍රික් සංවිධායක ධුරයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා වෙනුවට එකී සංවිධායක ධුරය සඳහා බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි තේනුක විදානගමගේ මහතා අද (29) පත්කරගෙන තිබේ.

වෙල්ගම මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සිට පොදුජන පෙරමුණට එරෙහි අදහස් පලකිරීම් සිදුකිරීම් සහ ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නායකත්වය ප්‍රතික්ෂේප කරමින් පොදුවේ විවේචන සිදුකිරීමත් මත බදුල්ල දිස්ත්‍රික් සංවිධායක ධුරය සඳහා බදුල්ල දිස්ත්‍රික්කයේම නායකයෙකුගේ අවශ්‍යතාව මත වෙල්ගම මහතාගේ නායකත්වය ප්‍රතික්ෂේප වී ඇත.

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ බදුල්ල දිස්ත්‍රික් සම්මේලනය එම පෙරමුණේ පාර්ලිමේන්තු පළාත් සභා හා පළාත් පාලන නියෝජිතයින්ගේ සහභාගීත්වයෙන් බදුල්ල සයිමන් පීරිස් සම්මන්ත්‍රණ ශාලාවේදී අද (29) පස්වරුවේ පැවැති අතර පක්ෂයේ බහුතර කැමැත්ත මත තේනුක විදානගමගේ මහතා බදුල්ල දිස්ත්‍රික් සංවිධායකවරයා වශයෙන් තෝරා පත් කෙරිණි.

එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් කළුතර දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තුවට තේරී පත්වූ කුමාර වෙල්ගම මහතා පසුගිය පළාත් පාලන මැතිවරණයට ප්‍රථම බදුල්ල දිස්ත්‍රික් සංවිධායකවරයා වශයෙන් පත් කරනු ලැබිණි.

පොදුජන පෙරමුණ විසින් ඉදිරි ජනාධිපතිවරණයේ සිය අපේක්ෂකයා වශයෙන්  හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරිපත් කිරීමට සැලසුම් කර සිටීමත් තමා තවමත් ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයෙකු යැයි කියමින් ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරිපත් කරවීම කෙරෙහි දැඩි අප්‍රසාදයක් වෙල්ගම මහතා විසින් සිදුකොට තිබීමත් පදනම් කරගෙන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ඔහුගේ නායකත්වය බදුල්ල දිස්ත්‍රික් සම්මේලනයේදී ප්‍රතික්ෂේප විනි.

Related posts

එජනිස සමඟ හවුලකට පක්ෂ 12ක් සූදානම් – පක්ෂ නායකයින් හමුවීම ලඟදීම

colombotoday

අයවැයෙන් හිතා ගන්න බැරි සහන දෙනවා…

colombotoday

ලංකාවට විණයක් වූ නීෂා බිස්වාල්, සැමන්තා පවර් ධුරවලින් ඉවතට

colombotoday

කොම්පඤ්ඤවීදිය ගුවන් හමුදා කඳවුර ප්‍රදේශයේදී වාහනයක් ගිනිගනී

Admin

20ට ජනමත විචාරණයක් අවශ්‍යයි – රවුෆ් හකීම්

colombotoday

හොරණදී වෙඩි තබා පුද්ගලයෙකු මරා දමයි

colombotoday