මේ වසරේ අයවැය යෝජනා වලට අනුව සිදුකරනු ලබන දුම්රිය ගාස්තු සංශෝධනය අද(01) දිනයේ සිට ක්රියාත්මක බව ශ්රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.
මෙම ගාස්තු සංශෝධනයට අනුව සියයට 15කින් පමණ දුම්රිය ගාස්තුව ඉහළ යනු ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේය.
වසර 10කට පසුව මෙම ගාස්තු සංශෝධනය සිදුකර ඇති අතර මේ යටතේ දුම්රිය අවම ගාස්තුව සංශෝධනය නොවන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.