Colombo Today Local News

වී ගබඩා කීරිමට රජය ගත් තීරණයෙන් මත්තලට බර හානි. වී තොග ඉවත් කරගන්න ඇමති නියෝග කරයි.

ජනප්‍රිය දේශපාලන තීන්දුවක් අනුව වී ගබඩා කිරීමට තීරණය කළ මත්තල ගුවන්තොටුපළේ නිරීක්ෂණ චාරිකාවකට ඊයේ 18 ප්‍රවාහන අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා එක්විය. එහිදී මාධ්‍යට අදහස් දැක් වූ ඒ මහතා ප්‍රකාශ කර සිටියේ මත්තල වී ගබඩා කිරීමට ගත් තීරණය නිසා ගුවන්තොටුපොළට දැඩි හානි සිදු වී ඇති බවයි.

ගුවන් යානා බහුලව නොපැමිණියත් මත්තල ගුවන් තොටුපොළ නිසා ශී‍්‍ර ලන්කන් ගුවන් සමාගම සැලකිය යුතු ලාභයක් උපයාගෙන ඇතැයිද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා. මත්තල ගුවන් තොටුපොළ නිසා ශී‍්‍ර ලංකාවට ඉහළින් පියාසර කරන ගුවන් යානාවලින් බද්දක් අය කර ගැනීමට ශී‍්‍ර ලංකාවට හැකිවන බවයි අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පැවසුවේ. මෙම ගුවන් තොටුපොළ වෙනුවෙන් වාර්ෂිකව රුපියල් බිලියන දෙකයි දශම 5ක ණය වාරික හා පොලී ගෙවනු ලබන බවද කාර්ය මණ්ඩලයේ වැටුප් සහ විදුලිබිල වෙනුවෙන් වියදම රුපියල් මිලියන 72ක් පමණ බවද වැඩිදුරටත් ප‍්‍රකාශ කෙරුණා.

ඒ අනුව ගබඩා කර ඇති වී තොග හැකි ඉක්මනින් ඉවත්කර ගන්නැයි වී අලෙවි මණ්ඩලයෙන් ඉල්ලා සිටින බවද ඒ මහතා ප්‍රකාශ කලා.

Related posts

ඩෙංගු සමග සිකා වෛරසය රටපුරා පැතිරයාමේ අවදානමක්

colombotoday

තැපැල් ඡන්ද අයදුම්පත් බාර ගැනීම හෙට සිට

Admin

බටහිර දොස්තරලාට බෙහෙත් නෑ. ඔවුන් හොරෙන් දෙන්නේ ආයුර්වේද බෙහෙත්. – ආයුර්වේද දොස්තරලා කොරෝනා නසන්න අවස්තාව ඉල්ලති.

colombotoday

අකුරටියේ නන්ද හිමිට පිළිතුරක්

colombotoday

රටේ නායකත්වයට හමුදා නිලධාරියෙක් වඩාත් සුදුසුයි – හමුදාපති මහේෂ් සේනානායක

colombotoday

හපුතලේ ප්‍රාදේශීය සභා සභාපතිගෙන් පහර කෑ අයෙක් රෝහල් ගත කරයි

colombotoday