විෂ මත්ද්‍රව්‍ය, අපරාධ කල්ලි සාමාජිකයින් හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සම්බන්ධයෙන් තොරතුරු ඉදිරිපත් කිරීම සදහා විද්‍යුත් ලිපිනයන් හා ෆැක්ස් අංකයක් පොලිස් මූලස්ථානය විසින් හඳුන්වා දී ඇත.
ඊට අදාළ ව හඳුන්වාදී ඇති 1997 හා 1917 යන දුරකතන අංක දෙකට අමතරව මෙම විද්‍යුත් ලිපින හා ෆැක්ස් අංකය හඳුන්වාදෙන බව පොලිස් මූලස්ථානය පවසයි.
විෂ මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් [email protected] යන විද්‍යුත් ලිපිනයෙන් තොරතුරු ලබාදිය හැකි අතර අපරාධ කල්ලි හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සම්බන්ධයෙන් දැනුම්දීම සඳහා [email protected] යන විද්‍යුත් ලිපිනය භාවිත කළ හැකිය.
මීට අමතරව 011 2440 440 ෆැක්ස් අංකයෙන් ද අදාළ තොරතුරු ලිඛිතව ලබාදිය හැකි බවද පොලිස් මූලස්ථානය පවසයි.