Colombo Today Local News

විශ්ව විද්‍යාල සිසුන් තැන් තුනකින් කොළඹ වටලයි.

අද වනවිට විශ්ව විද්‍යාල සිසුවා මුහුණපා ඇති ගැටළු සදහා විසදුම් ලබාදීමට පාලකයින් අසමත් වීම හේතුකරගනිමින් විශ්ව විද්‍යාල සිසුන් අද (19) කොඹදී දැවැන්ත විරෝධතා තුනක් සංවිධානය කර ඇත.

සයිටම් සිසුන් කොතලාව ආරක්ෂක වෛද්‍ය විද්‍යාලය වෙත අන්තර්ග්‍රහණය කිරීම මගහැර වෙනත් හොරපාරකින් ගොස් නීති විරෝධි ලෙස සයිටම් සිසුන් ලියාපදිංචි කර වෛද්‍ය විද්‍යාලය නැවත කරලියට ගෙනඒමේ ආන්ඩුවේ නිර්ලජ්ජිත උත්සහය වහා හකුලාගන්නා ලෙස බල කරමින් වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව කොළඹ වෛද්‍ය පීඨය ඉදිරිපිට දී එක්විරෝධතාවයක් සංවිධානය ආරම්භ කර ඇත.

තවද සබරගමුව විශ්ව විද්‍යාලයේ සමාජීය හා භාෂා පීඨයේ සිදුකරන සිසු බදවාගැනීම් කප්පාදුවට එරහිව එම විශ්ව විද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය විසින් කොටුව දුම්රිය පල අසල දැවැන්ත විරෝධතාවයක් ආරම්භ කර ඇති අතර උසස් අධ්‍යාපන සම අයිතිය සුරක්ෂිත කරනලෙස බල කරමින් තවත් සිසුන් පිරිසක් කොළඹදී විරෝධතාවය ක් ආරම්භ කර ඇත.

මේ අතර සරසවි සිසුන් විසින් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම ඉදිරිපිට පැවැත්වූ විරෝධතාව විසුරුවාහැරීම සඳහා පොලීසිය ජල හා කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කළේය.

Related posts

සීවලී මහ රහතන් වහන්සේගේ රුව කැලැන්ඩරයට දැමූ කරවල කඩය පොලිසියෙන් වටලයි !

colombotoday

රත්‍රං මිල තවත් ඉහළ යයි

Admin

ජනාධිපතිවරණයේදී රනිල් ට පක්ෂ හා සන්ධාන 34ක සහාය

Admin

පාරිභෝගික අධිකාරියෙන් දිවයින පුරා කෝටි 22ක වැටලීම්

Admin

“දයාසිරිත් එක්ක තවත්නම් බෑ“… මාධ්‍ය ලේකම් ඉල්ලා අස්වේ

colombotoday

ඩොලර්වලට ඉන්ධන ‌දෙන්න ලියාපදිංචි කිරීම අරඹයි

colombotoday