Colombo Today Local News

විවාහ ආඥා පනත් තුන සංශෝධනය කිරීමට රතන හිමිගේ යෝජනාව අද පාර්ලිමේන්තුවට !

මෙරට පවතින විවාහ ආඥා පනත් තුන සංශෝධනය කිරීම සඳහා අතුරලියේ රතන හිමියන් විසින් පෞද්ගලික මන්ත්‍රී යෝජනා ලෙස පාර්ලිමේන්තු ලේකම්වරයාට භාරදුන් පනත් කෙටුම්පත් තුනක් අද (08දා) දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.

ඒ අනුව 1907 අංක 19 දරන විවාහ (සාමාන්‍ය) ආඥා පනත, 1952  අංක4 4 දරන විවාහ හා දික්කසාද (උඩරට) ආඥා පනත, 1951 අංක 13 දරන මුස්ලිම් විවාහ හා දික්කසාද ආඥා පනත යන පනත් ත්‍රිත්වය සංශෝධනය කිරීමට අදාළව මෙම පනත් කෙටුම්පත් ඉදිරිපත් කරනු ලැබේ.

මෙහිදී විවාහ (සාමාන්‍ය) ආඥා පනතේ පූර්විකාවේ සඳහන් ‘මුස්ලිම්වරුන්ගේ විවාහ හැරුණු කල’ යන වචන ඉවත් කෙරෙනු ඇත. විවාහ හා දික්කසාද (උඩරට) ආඥා පනත මෙයින් අහෝසි කරනු ලබන අතර, විවාහ හා දික්කසාද (මුස්ලිම්) ආඥා පනත ද මෙයින් අහෝසි කරනු ලැබේ.

මෙම පනත් කෙටුම්පතට අනුව සිංහල හා දෙමළ පනත්වල වචනවල පරස්පරතාවක් ඇතිවන අවස්ථාවකදී සිංහල පිටපත බලාත්මකවනු ඇත.

Related posts

අද කොචිඩ් එන්නත් ලබා ගත හැකි ස්ථාන

colombotoday

ගුරුවරුන් බඳවා ගන්නා ක්‍රමය වෙනස් වෙයි

Admin

ජනපතිට ඡාත්‍යන්තර සම්මානයක්

colombotoday

විශ්‍රාම යෑමේ අදහසක් නෑ !

colombotoday

ණය ප්‍රතිව්‍යුහගත යෝජනාවලිය සාකච්ඡාවට අද මුදල් පිළිබඳ කාරක සභාව රැස්වෙයි

Admin

තවත් ආයතන හයක ලොක්කෝ කෝප් කමිටුවට කැඳවයි

Admin