Colombo Today Local News

විල්පත්තුවේ කිරි ඉබ්බෙකු ඇල්ලු දෙදෙනෙකුට රුපියල් 90,000ක දඩයක්

විල්පත්තුව ජාතික වන උද්‍යානය තුළදි කිරි ඉබ්බෙකු ඇල්ලිමේ චෝදනාවට වරදකරුවන් වු සැකකරුවන් දෙදෙනෙකුට රුපියල් 90,000 දඩ මුදලක් නියම කිරීමට පුත්තලම අතිරේක මහේස්ත්‍රාත්  ළහිරු එන් සිල්වා මහතා ඊයේ  ( 10 ) දින නියම කෙරුණි .

මෙසේ දඩ මුදල් නියම වුයේ යාපනය වාණිජපුර කොළොන්පුරේ වයි. එන් .ජේයකුමාර් (51) සහ දෙහිවල කදිරමලේයි විනෝකරන් (43 ) නැමති කන්ටේනර් රථ රියදුරෙකුට සහ සහයකවරයකුට බව කියයි.

විල්පත්තුව ජාතික වන උද්‍යානය මැදින් වු පුත්තලම පැරණි මන්නාරම මාර්ගයේ යාපනයට කන්ටේනර් ලොරි රථයකින් ගමන් කරමින් සිටියදි පෙරියවිල්ලුව තුළ  සිටි වදවියාමේ තර්ජනයට ලක්ව ඇති දැඩි ආරක්ෂිත කිලෝ හයකට ආසන්න බරකින් යුත්  කිරි ඉබ්බෙකු  අල්ලා ලොරි රථයේ ඉදිරිපස කොටසේ සඟවා ගෙන රැගෙන යමින් සිටියදි මුල්ලිකුලම අඩවි වනජීවි කාර්යාලයේ නිලධාරීන් 9 දින සවස අත් අඩංගුවට ගෙන තිබුණි.

වනජීවි නිලධාරීන් විසින් අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා වන සත්ත්ව හා වෘක්ෂලතා ආඥා පනත උල්ලංඝනය කිරීමේ චෝදනාව යටතේ අධිකරණයට ඉදිරිපත් කර තිබුණි .

Related posts

ඉතාලියෙන් ආ 65කට උසාවියෙන් නියෝගයක් !

colombotoday

“සාරියට මුවා වෙලා ජනතා හඩ යටපත් කරන්න ආණ්ඩුවට ඉඩ දෙන්න බෑ“ – ඒකාබද්ධ විපක්ෂය

colombotoday

පාසල් කිහිපයක ගුරුවරුන් සාරිය ගලවා පාසල් එයි

Admin

සියොන් බෝම්බකරුගේ හිස යලි ගොඩගන්න නියෝග

colombotoday

ටිපර් රථයට යට වුණු තවත් පොලිස් නිළධාරියෙක් මිය යයි

colombotoday

වනඅලි ප්‍රහාරයකින් විදෙස් ජාතිකයෙක් ජීවිතක්ෂයට

Admin