Colombo Today Local News

විරෝධතාකරුවන්ට පහරදීම ගැන නාමල් විවේචනය කරයි

තම පක්ෂයේ විරෝධතාවට එරෙහිව ගොනු කළ චෝදනා අධිකරණයේදී තහවුරු කර ගැනීමට පොලිසිය අසමත් වූ බව ‍පෙරටුගාමී සමාජවාදී පක්ෂය පවසයි.

මේ අතර අද සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි නාමල් රාජපක්ෂ මහතා ද පොලිසියේ ක්‍රියාකලාපය විවේචනය කර තිබුණි.

විරෝධතාවයේ නිරතවී නිරෝධායන නීති හා අධිකරණ නියෝග කඩ කිරීමේ චෝදනා මත අත්අඩංගුවට ගැනුණු විරෝධතාකරුවන් 53 දෙනා ඊයේ රාත්‍රියේ ඇප මත මුදාහැරුණි.

අමෙරිකානු ජාතික ජෝජ් ෆ්ලොයිඩ්ගේ ඝාතනය හෙළා දකිමින් විරෝධතා පැවැත්වූ පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ 53 දෙනෙකු ඊයේ දහවල් පොලිස් අත්අඩංගුවට පත් විය.

ඒ අධිකරණ නියෝගය කඩ කිරීම සහ නිරෝධායන නීතී උල්ලංඝනය කිරීමේ චෝදනාව මතයි.

එම පිරිස ඊයේ සවස කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇප මත මුදා හැරුණි.

මෙම සිදුවීම පිළිබඳ මෙරට අමෙරිකානු තානාපති කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් කියා තිබුණේ සාමකාමි ලෙස විරෝධතා පැවැත්වීමට සියලු දෙනාටම අයිතිය ඇති බවයි.

පෙළපාලිය අවහිර කරන මෙන් තානාපති කාර්යාලයෙන් කිසිඳු ඉල්ලීමක් කර නොමැති බවත් රටේ සිටින තානාපති කාර්යාල මණ්ඩල සහ පරිශ්‍ර ආරක්ෂා කරමින් ශ්‍රී ලංකා රජය හා නීතිය බලාත්මක කරන ආයතන කොව්ඩ් ව්‍යාප්තිය පාලනය සඳහා දරන වෑයම අගය කරන බවත් එම නිවේදනයේ සඳහන්ව තිබුණි.

Related posts

හෝමාගම නිවසක තිබී පුපුරණ ද්‍රව්‍ය හා ගිනි අවි සමග උපරණ රැසක් සොයා ගනී

colombotoday

යාපනයේ තාවඩි ගම්මුන්ට නිවාස වලින් පිටතට යාම තහනම් කරති

colombotoday

ඉතිහාසයේ ප්‍රථම වරට ජනපතිවරයෙක් බලය කප්පාදු කරගන්නේ මෙන්න මෙහෙමයි

colombotoday

නාමල්ට පත්තු වෙන අලුත්ම නඩුව?

Admin

ජනපතිට, අගමැතිට ගයන්ත කොකා පෙන්වයි

colombotoday

හදිසි මෙහෙයුමක්

Admin