Colombo Today Local News

විමල් කැටිපෙආරච්චි ITN සල්ලි මිලියන 4ක් වංචා කරලා – ජනපතිට පැමිණිලි

යහපාලන ආණ්ඩු සමයේ ස්වාධීන රූපවාහිනී ආයතනයේ ක්‍රියාකාරී අධ්‍යක්ෂවරයකු ලෙස කටයුතු කළ විමල් කැටිපෙආරච්චි අදාළ සේවා කාල සීමාවේදී ආයතනික මුදල් සහ තනතුර අවභාවිත කරමින් ස්වාධීන රූපවාහිනී ආයතනයට රුපියල් 4,782,000.00ක මුදලක් අහිමි කළ බවක් සඳහන් කරමින් අප වෙත ලිපියක් යොමුකර ඇත.

ස්වාධීන රූපවාහිනී සේවය සුරැකීමේ එකමුතුව විසින් යොමු කර ඇති අදාළ ලිපියෙහි වැඩිදුරටත් සඳහන් වන්නේ 2015 වර්ෂයේ පත් වූ රජය යටතේ ස්වාධීන රූපවාහිනී සේවා ආයතනයේ ඉහළ කළමනාකාරීත්වයට පත් කළ නිලධාරීන්ගේ අත්තනෝමතික සහ අදූරදර්ශී ක්‍රියාමාර්ග නිසා ආයතනය ඈවර කිරීමේ තත්ත්වයකට මේ වන විට පත්ව ඇති බවයි.

එමෙන්ම කිසිදු අධ්‍යාපන සුදුසුකමක් නොමැති, “කී බෝර්ඞ්” වීරයන් ලෙස පෙනී සිටිමින්, බලධාරීන් මුළාකොට ස්වාධීන රූපවාහිනී ආයතනයේ ලොකු පුටුවලට පැන ගත් අදාළ නිලධාරී පැළැන්තියේ ක්‍රියාකාරීත්වය හේතුවෙන් මෙරට ප්‍රථමස්ථානයේ වැජඹුණු ස්වාධීන රූපවාහිනී සේවය අද වන විට අන්ත අසරණ තත්ත්වයට ඇද වැටී ඇත.

තවදුරටත් ස්වාධීන රූපවාහිනී සේවය සුරැකීමේ එකමුතුව පෙන්වා දෙන ආකාරයට ක්‍රියාකාරී අධ්‍යක්ෂ විමල් කැටිපෙආරච්චි විසින් සිය තනතුර අවභාවිත කරමින්, ඔහු ද සම්බන්ධ එක්තරා පෞද්ගලික ආයතනයක නිෂ්පාදනය කරන ලද වැඩසටහන් තමා සේවය සපයන ස්වාධීන රූපවාහිනී ආයතනයටම ඉහළ මිලකට අළෙවි කර ඇත.

එහි ඇති විශේෂත්වය වන්නේ ඉහළ මිලකට උක්ත පෞද්ගලික ආයතනය මගින් අළෙවි කර ඇති වැඩසටහන්වලින් ස්වාධීන රූපවාහිනී ආයතනය ලාභයක් නොව, එකදු මුදලක් හෝ ලබා නොතිබීමය.

එහෙත් විමල් කැටිපෙආරච්චි විසින් සිය බිරියගේ නමින් පවත්වාගෙන යනු ලබන ඔහුගේම ආයතනය මගින් නිෂ්පාදනය කර තමා සේවය සපයන ස්වාධීන රූපවාහිනියට අදාළ වැඩසටහන් විකුණූ මිල මිලියන හතරකටත් වඩා අධිකය.

විමල් කැටිපෙආරච්චි විසින් ආයතනික මුදල් මිලියන හතරකටත් අධිකව වියදම් කරමින් නිෂ්පාදනය කොට ඉදිරිපත් කළ වැඩසටහන් අතර ඕවර් ද ෂෝල්ඩර්, මහාචාර්ය යෞවනය වැනි වැඩසටහන් ඉදිරියෙන් සිටී. එහෙත් එම වැඩසටහන් පවා එතරම් ජනප්‍රියතාවක් නොඉසිලූ බව සමීක්ෂණ වාර්තා පෙන්වා දේ.

කෙසේවුවද ස්වාධීන රූපවාහිනී සේවක සේවිකාවන් ජනාධිපතිවරයාගෙන් සහ ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතාගෙන් ඉල්ලා සිටින්නේ ඉහත ආකාරයේ සුදුසුකම් නොලත්, විප්ලවකාරයින් යැයි කියා ගන්නා ඊනියා පත්තරකාරයින් අදාළ තනතුරු සඳහා නැවත පත් නොකරන ලෙසයි. එසේ නොවුණ හොත් කීර්තිමත් ඉතිහාසයක් සහිත ස්වාධීන රූපවාහිනී ආයතනය ජනතා අප්‍රසාදයට පත් වී ඉතා ඉක්මනින් ඈවර කිරීමට සිදුවනු ඇති බව ද ඔවුන් වැඩිදුරටත් පෙන්වා දේ.

ස්වාධීන රූපවාහිනී සේවය සුරැකීමේ එකමුතුව විසින් ජනාධිපතිවරයා සහ අනෙකුත් ආයතන වෙත යොමුකර ඇති සම්පූර්ණ ලිපිය පහළින්…

Related posts

ගොවීන්ගේ කෝටි 25කට විදලා මූල්‍ය සමාගමක හිමිකරු රට පනින්න සැලසුමක

colombotoday

අකුරණ ග්‍රාම නිළධාරි වසම් දෙකකට සංචරණ සීමා

colombotoday

ජනපතින් නිහඩයි… අගමැතිත් ආගිය අතක් නෑ… විජයකලාගේ කොටි නැගිටවීම ආණ්ඩුවේ ස්ථාවරයද?

colombotoday

මෙරටට ළඟා වූ ඩීසල් නැවකට මුදල් ගෙවයි..

colombotoday

ලොව සතුටින්ම සිටින රටවල් අතරින් ලංකාව තවදුරටත් පහලට ඇද වැටේ

colombotoday

ශ්‍රීලනිපයත් පුංචි ඡන්දයට අලුත් සන්ධානයකින් එයි !

colombotoday