Colombo Today Local News

විදේශීය නාවිකයන් පිරිසක් මෙරටට ගෙන එයි

කොළඹ සහ ගාල්ල වරායවල නැංගුරම් ලා ඇති නැව්වල සේවය කිරීම සඳහා විදේශීය නාවිකයන් 55 දෙනෙකු ගුවන්යානා 03කින් කටුනායක සහ මත්තල ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ.

එලෙස පැමිණි පළමු කණ්ඩායම වූ විදේශීය නාවිකයන් 26 දෙනෙකු ඊයේ (16) දෝහා සිට පැමිණි කටාර් ගුවන් සේවයේ කිව්.ආර්. – 668 දරණ ගුවන් යානයෙන් කටුනායක ගුවන්තොටුපළ වෙත පැමිණ තිබුණි.

මේ අතර තවත් විදේශීය නාවිකයන් 21 දෙනෙකු ඊයේ රාත්‍රී 10.20ට ඉන්දියාවේ චෙන්නායි සිට පැමිණි ඉන්ඩිගෝ ගුවන් සේවයේ 6 – ඊ 9115 දරණ ගුවන් යානයෙන් ගාල්ල වරායේ නවතා ඇති නැවක සේවය කිරීම සඳහා මත්තල ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි.

එම ගුවන් යානය ඊයේ පස්වරුවේ මෙරට රැඳී සිටි විදේශීය නාවිකයන් 25 දෙනෙකු රැගෙන යළි ඉන්දියාවේ චෙන්නායි බලා පිටත්විය.

එමෙන්ම අද (17) අලුයම 1.00ට පමණ දෝහා සිට පැමිණි කටාර් ගුවන් සේවයේ කිව්.ආර්.- 668 දරණ ගුවන් යානය විදේශීය නාවිකයන් 08 දෙනෙකු රැගෙන කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි.

එලෙස පැමිණි කටාර් ගුවන් සේවයේ ගුවන්යානය කටුනායක ගුවන්තොටුපළේ රැඳී සිටි විදේශිකයන් 145 දෙනෙකු රැගෙන යළි දෝහා බලා පිටත්ව ගොස් ගිය බව “අද දෙරණ“ වාර්තාවේ.

Related posts

බස් ගාස්තු සංශෝධනය වනතුරු පෞද්ගලික බස් රථ ධාවනයෙන් ඉවත් වෙයි.

colombotoday

ඔන්ලයින් ණය දුන් චීනුන් ගේ මධ්‍යස්ථානයක් වටලයි

Admin

ඵල ප්‍රයෝජනයක් නැතිව මුහුදට ගලාගෙන යන ජලය ජනපති, උතුරට – නැගෙනහිරට හරවයි

colombotoday

එජාප ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය රනිල්ට ?

colombotoday

අමෙරිකාවේ එන්නත් රැගත් ගුවන්යානය දිවයිනට

colombotoday

රූපවාහිනි සංස්ථාවට නව සභාපතිවරයෙක්

colombotoday