විදෙස් රටවල සිට මෙරටට පැමිණි ශ්‍රී ලාංකිකයින් 430දෙනෙකුට කොවිඩ් නයින්ටීන් ආසාදනය වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.
විශේෂයෙන් කුවේට් හි සිට ශ්‍රී ලාංකිකයින් රැගෙන ආ ගුවන් යානා දෙකේ සිටි 466 දෙනාගෙන් 306 දෙනෙකුම ආසාදිතයින් බවට මේ වන විට හදුනාගෙන ඇති බව විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පැවසීය.