ජෝර්දාන් සහ කටාර් රාජ්‍යවල සිටි ශ්‍රී ලාංකිකයින් 305 දෙනෙකු අද (18)දිනා අලුයම දිවයිනට පැමිණ තිබේ.
ජෝර්දානයේ සේවය සඳහා ගොස් සිටි ශ්‍රී ලාංකිකයින් 285දෙනෙකු සහ විදේශීය වාණිජ නැව්වල සේවය කළ ශ්‍රී ලාංකිකයින් විසි දෙනෙකු කටාර් රාජ්‍යයේ සිට පැමිණ තිබේ.
මේ අතර එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට පැමිණි පුද්ගලයින් පස් දෙනෙකු සහ ඕමානයේ සිට පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු කොරෝනා ආසාදිතයින් ලෙස ඊයේ (17)දින හඳුනාගැනිණි.
ඒ අනුව මෙරට සමස්ථ කොවිඩ්-19 ආසාදිතයින් සංඛ්‍යාව 2900 දෙනෙකු වන අතර නේවාසිකව ප්‍රතිකාර ලබන සංඛ්‍යාව 213 දෙනෙකු වේ.