Colombo Today Local News

“විජේකලාට එක නීතියක්, අපට තව නීතියක්” මන්ත්‍රී අලුත්ගමගේ මැරෙනතුරු උපවාසයකට සැරසෙයි…

පාර්ලිමේන්තුව තුළ සිදුවු කලහාකාරී සිදුවීම සම්බන්ධයෙන් මන්ත්‍රීවර්න්ට එරෙහිව නඩු පවරා සිරගත කිරීමට කටයතු කළහොත් මිය යනතුරු උපවාස කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ආනන්ද අලුත්ගමගේ මහතා ඊයේ (28දා) පාර්ලිමේන්තුවේදී පැවසීය.

පසුගිය නොවැම්බර් මාසයේදී පාර්ලිමේන්තුවේදී සිදුවු කළහාකාරී සිදුවීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු කමිටු වාර්තාව කථානායක කරු ජයසුරිය මහතාට භාරදී ඇති අතර ඒ සම්බන්ධයෙන් මෙතෙක් නීතිය ක්‍රියාත්මක කර නොමැත.

පාර්ලිමේන්තු මන්ත්‍රී ආනන්ද අලුත්ගමගේ මහතාද එම සිදුවීමේදී කළහකාරී ක්‍රියාවන්ට සම්බන්ධව ඇති බවට එම වාර්තාවේ සඳහන් කර ඇති අතර එම වාර්තාවට විරෝධය පළකරමින් මන්ත්‍රීවරය මේසේ පැවසීය.

“අපිට විරුද්ධව නඩු දාලා හිරකරන්න හදනවා. පුළුවන්නම් කරලා බලන්න. විජේකලාට එක නීතියක් අපිට එක නීතියක්. අපිව හිරේ දැම්මොත් මැරෙණකම් උපවාස කරනවා.” යැයි පැවසීය.

Related posts

සේවා ස්ථාන මාරුව ගැන පාසල් ගුරුවරුන්ට විශේෂ දැනුම් දීමක්

Admin

හරිත ආර්ථිකයක් ස්ථාපනයට ජනපති නව නීති ගෙන ඒමට සැරසෙයි

Admin

නැවත සංශෝධනය වූ සිංහල අවුරුදු නැකත්

Admin

දේශීය ණය ප්‍රශස්තකරණ සැලැස්ම ගැන තීරණයකට රාජ්‍ය මුදල් කාරක සභාව අද රැස්වෙයි..

Admin

“අජිත් පී. ට ඇලෝසියස්ගෙන් කෝල් එන හැටි ඇහැටම දැක්කා..” බිමල් අජිත්ගේ මූණටම කියයි (Video)

colombotoday

කුවේට් ගෘහ සේවිකාවන් බහුතරයකට කොවිඩ්

colombotoday