Colombo Today Local News

වැලිපැන්නේ මුස්ලිම් පල්ලිය අසල හිස් ඉඩමක බෝම්බ තුනක්…

වැලිපැන්න හිජ්රා මාවතේ ගල්ලස්සගොඩ ප්‍රදේශයේ මුස්ලිම් පල්ලියක් ආසන්නයේ හිස් ඉඩමක වලලා තිබී පී.වී.සී.බටවල අසුරන ලද බෝම්බ තුනක් සහ බෝතලයක දමා තිබූ බෝම්බ සැදීමට ගන්නා පුපුරන ද්‍රව්‍ය කළුතර කොට්ඨාශ නීතිය බලගැන්වීමේ ඒකකයේ නිලධාරීන් විසින් අද (03) සොයාගෙන ඇත.

කළුතර කොට්ඨාශ නීතිය බලගැන්වීමේ ඒකකයේ ස්ථානාධිපතිවරයාට ලැබුණු තොරතුරකට අනුව සිදුකළ වැටලීමකදී මෙම බෝම්බ සහ පුපුරන ද්‍රව්‍ය ගල්ලස්සගොඩ මුස්ලිම් පල්ලිය අසල හිස් ඉඩමක වලලා තිබියදී ගොඩගෙන ඇත.

මෙම බෝම්බ සඟවාගෙන සිටි බවට සැකපිට එක් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර කළුතර කොට්ඨාශ නීතිය බලගැන්වීමේ ඒකකයේ නිලධාරීන් සහ වැලිපැන්න පොලිසිය වැඩිදුර පරීක්‍ෂණ පවත්වයි.

Related posts

අනුරට අති උතුම් උතුමාණෝ කියන්න එපා සහෝදරයා කියලා කියන්න

Admin

ඔරුමිත්තනාඩුවක් අවශ්‍ය දේශපාලනඥයින්ට දකුණේ සිංහලයින් සමග ජීවත්වීමේ අයිතියක් නෑ

colombotoday

විදුලි ඉන්ජිනේරුවෝ අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක

colombotoday

“පාසල් විවෘත කරන්න පෙර ගුරු විදුහල්පති ගැටළුව විසඳන්න’’

colombotoday

ලංකාවේ විදිහට ඉන්න බැරිනම් යන්න – දුමින්ද

colombotoday

හොර මුදල් නෝට්ටු 815ක් අල්ලයි

colombotoday