ලෝකයේ නව කොරෝනා වෛරසය නිසා වැඩිම රෝගීන් හමුවූ රටවල් අතර 12 වැනි තැනට ඉන්දියාව පත්ව තිබේ.
රෝගීන් හැත්තෑ දෙදහසක් ඉක්මවීමත් මරණ දෙදහස් පන්සියය පසු කිරීමත් නිසා මේ තත්ත්වය උදාවී තිබේ.
මීට පෙර 12 වැනි ස්ථානයේ පසු වුයේ කැනඩාවයි.
චීනයෙන් රෝගීන් අසූහතර දහස්පන්සිය පනස්දෙදෙනකු වාර්තා වූ අතර මරණ මරණ හාරදහස් හයසිය හතළිස් හතරක් සිදුව තිබේ. මෙම ලැයිස්තුවේ පළමු තැන ඇමෙරිකාවට හිමිව ඇත. ඒ රෝගීන් ලක්ෂ 12ක් හා මරණ හැත්තෑඅට දහසක් වාර්තාවීම නිසාය.