කොල්ලුපිටිය ප්‍රදේශයේ වෙළඳසැලකින් ස්වර්ණාභරණ හා මැණික් කොල්ල කෑ පාකිස්ථාන ජාතිකයින් දෙදෙනෙකු කොල්ලුපිටිය පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
ඊයේ දහවල් කොල්ලුපිටිය ප්‍රදේශයේ ස්වර්ණාභරණ හා මැණික් වෙළඳසැලකට පැමිණි මොවුන් දෙදෙනා වෙළඳසැල් හිමිකරුගේ මුහුණට ද්‍රාවණයක් ඉස සිහි මුර්ජා වීමට සලස්වා ඇති බව සඳහන්ය.
ඉන් අනතුරුව ඔවුන් වෙළඳසැලේ තිබූ රුපියල් එක්කෝටි දස ලක්ෂයක පමණ වවටිනාකමින් යුතු ස්වර්ණාභරණ සහ මැණික් කොල්ල කා පළා ගොස් ඇත.
මොවුන් දෙදෙනා අද අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.