Covid 19World

ලොව පුරා කොවිඩ් බලපෑම

ලොව පුරා කොරෝනා වෛරස් ආසාදිතයන්ගේ සංඛ්‍යාව56 ලක්ෂ 81,609 කට ආසන්න වී තිබේ.

එමෙන්ම කොරෝනා මරණ තුන් ලක්ෂ 52,162ක්ද වාර්තා වේ.

ඇමෙරිකාවේ කොරෝනා මරණ සංඛ්‍යාව 100,579ක් වන අතර එරට ආසාදිතයන් සංඛ්‍යාව1,725,275 ක් ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරයි.

ඉතාලියේ කොරෝනා මරණ සංඛ්‍යාව මේ වන විට 32,955ක් ඉක්මවා තිබෙනවා. ඒ ඊයේ(26) දිනයේදී නව මරණ 78ක් සිදු වීමත් සමඟයි.

පැය 24ක් ඇතුලත නව කොරෝනා ආසාදිතයන් 397ක් එකතු වීමත් සමඟ එරට මුළු අසාදිතයන්ගේ සංඛ්‍යාව 230,555ක්දක්වා ඉහළ ගොස් ඇත.

මේ අතර, ඉන්දියාවේ ආසාදිත සංඛ්‍යාව මේ වනවිට එක්ලක්ෂ 45,000 ඉක්මවා ඇති අතර, අද උදෑසනින් අවසන්වූ පැය 24 තුළ ඊට ආසාදිතයන් 6,535 ක් එක්වී තිබේ.

එමෙන්ම ඉන්දියාවෙන් කොරෝනා මරණ 4,167 ක්ද වාර්තාවන බව එරට සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කරයි. වෛරසයේ ව්‍යාප්තිය මැඩලීමට මාස දෙකක් වසා තිබූ රට යළි විවෘත කිරීම ආරම්භ කිරීමත් සමඟ ආසාදිත සංඛ්‍යාව ඉහළ ගොස් ඇත.

Related posts

බ්‍රසීල හිටපු ජනපතිගේ ආධාරකරුවන් පොලිස් බාධක බිඳ ජනපති මැදුරට කඩාවදී

Admin

රුසියාවේ ඉලක්ක ප්‍රහාරවලින් යුක්‍රේනයේ 137 මරුට

colombotoday

ඇෆ්ගන් වැසියන්ට රැවුල බෑම තහනම් වෙයි

colombotoday

තවත් ආසාදිතයන් 5ක් හමුවෙයි – සමස්ත රෝගීන් ගණන 467ක් දක්වා ඉහලට

colombotoday

ඩොනල්ඩ් ට්‍රම්ප්ට මුස්ලිම් ඡන්ද එකක්වත් එපාලු

colombotoday

පිළියන්දල නාගරික මන්ත්‍රීවරයෙකු ඇතුලූ 32කට කොරෝනා

colombotoday