World

ලෙබනනයේ පිපිරිමෙන් මියගිය ගණන ඉහළට.. ඩුබායි රාජ්‍යයේත් විශාල ගින්නක්

ලෙබනනයේ සිදුවූ ප්‍රබල පිපිරීම සම්බන්ධයෙන් පිපිරීම සිදුවූ බේරූට් වරායේ ප්‍රධාන නිලධාරීන් රැසක් නිවාස අඩස්සියට පත් කර තිබේ. ඒ, අදාළ පිපිරීම සම්බන්ධයෙන් ආරම්භ කර ඇති විමර්ශන අවසන් වන තෙක්.

විදෙස් මාධ්‍ය අද අලූයම වාර්තා කළේ මෙම පිපිරීමෙන් ජීවිතක්‍ෂයට පත්වූ සංඛ්‍යාව 135 ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි. තුවාල ලැබූ සංඛ්‍යාවද 4,000 කට අධිකයි.

පිපිරීමත් සමග සති දෙකක හදිසි තත්ත්වයක්ද ලෙබනනය තුළ ප්‍රකාශයට පත් කර තිබේ.

වරාය පරිශ්‍රයේ අනාරක්‍ෂිතව ගබඩා කර තිබූ ඇමෝනියා නයිට්‍රෙට් රසායනික ද්‍රව්‍ය ටොන් 2,750 ක් පිපිරීමට හේතු වී ඇති බවයි මූලික පරීක්‍ෂණවලදී අනාවරණ වී ඇත්තේ.

මෙම ගබඩාවේ සිදුවූ පිපිරිමෙන් ඇතිවූ කම්පනය ජපානයේ, හිරෝෂිමා නගරයට හෙළූ පරමාණු බෝම්බයේ ප්‍රබලත්වයෙන් හරි අඩක් පමණ වන බවයි විදෙස් වාර්තා සඳහන් කළේය.

මෙම රසායනික ද්‍රව්‍ය ඉවත් කර ගන්නා ලෙස එරට රේගු බලධාරීන් මීට පෙර දැනුම් දී තිබූ බවටද වාර්තා පළ වෙයි.

ඇමෝනියා නයිට්‍රෙට් කෘෂිකර්මාන්තයේදී පොහොර සදහා මෙන්ම පුපුරණ ද්‍රව්‍යයක් ලෙස භාවිත කරන බව විදෙස් මාධ්‍යයන්හි සදහන්.

මේ අතර ලෙබනනයේ සිදුවූ පිපිරිමෙන් පුද්ගලයින් ලක්ෂ දෙකහාමාරක පමණ පිරිසකට නිවාස අහිමිව ගොස් ඇති බවටයි බේරූට් අගනුවර ආණ්ඩුකාරවරයා ප්‍රකාශ කර ඇත්තේ.

ලෙබනනයට උපකාර කිරිම සඳහා ප්‍රංශය, ඉරානය, බ්‍රිතාන්‍යය සහ ගල්ෆ් කලාපීය රටවල් ඉදිරිපත්වී තිබෙනවා. ඒ, ලෙබනනයට අවශ්‍ය අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය රැසක් පිපිරීම සිදුවූ වරාය පරිශ්‍රයේ ගබඩා කර තිබීම හේතුවෙන්.

ලොවම කතා කල ලෙබනන් පිපිරිමේ උණුසුම මැකී යාමටත් පෙර එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි නුවර පිහිටි අජ්මාන් නම් වූ සුපිරි වෙළද සංකීර්ණයේද ප්‍රබල ගින්නක් හටගෙන ඇත. කෙසේවෙතත් ඉන් සිදුවූ හානි පිළිබද මෙතෙක් නිශ්චිත තොරතුරු වාර්තා වී නොමැත.

Related posts

නවදිල්ලියේ වායු දූෂණය මඩින්න කෘත්‍රිම වැසි

Admin

ඉන්දියාවේ ප්‍රතිචාර දරුණු වෙයි – පාකිස්ථානයට ගලන ඉන්දු නදිය වෙනතකට හරවයි

colombotoday

සූඩානයට යළි සිවිල් පාලනයක් – නව හමුදා කවුන්සිල ප්‍රධානියාගෙන් පොරොන්දුවක්

colombotoday

ඊශ්‍රායල – පලස්තීන ගැටුම් වලදී තවත් ශ්‍රී ලාංකික කාන්තාවක් අතුරුදන්

Admin

මුස්ලිම් රටවල් 6කට ඇමරිකාව තහනම් !

colombotoday

ඉන්දීය ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ගමන් ගත් හෙලිකොප්ටරය කඩා වැටෙයි

colombotoday