Colombo Today Local News

ලියාපදිංචි නොකළ මද්‍රසා පාසල් 1000ක් රට පුරා !

මේ වන විට රට පුරා මද්‍රසා ආයතන දහසකට අධික සංඛ්‍යාවක් ක්‍රියාත්මක වන බවත්, ඉන් ලියාපදිංචි වී ඇත්තේ ආයතන 317ක් පමණක් බවත් ජාතික ආරක්ෂාව පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව ප්‍රකාශ කරයි.

මෙම කාරක සභාව විසින් නිකුත් කළ නවතම වාර්තාවේ දැක්වෙන පරිදි මේ වන විට මද්‍රසා ආයතන 175ක් අලුතින් ලියාපදිංචිය සඳහා ඉල්ලුම් කර ඇත.

මෙම සියලු ආයතනවල සමස්ත ශිෂ්‍ය සංඛ්‍යාව 27,000ක් පමණ වන බවද පවසන ආංශික අධික්ෂණ කාරක සභාව මුස්ලිම් දරුවන්ට පූර්ණ ඉස්ලාම් ආගමික අධ්‍යාපනය ලබාදීම සඳහා ශ්‍රී ලංකාවේ පවත්වාගෙන යා යුතු මද්‍රසා පාසල් සංඛ්‍යාව 50ක උපරිමයකට යටත් කළ යුතු බවද නිර්දේශ කරයි.

දැනට මද්‍රසා ආයතනවල ඉගෙනුම ලබන සියලු සිසුන් 2023 වන විට පොදු අධ්‍යාපන ක්‍රමයකට අන්තර්ග්‍රහණය කිරීම සඳහා ජාතික වැඩපිළිවෙළක් සකස් කළ යුතු බවද පෙන්වා දෙන කාරක සභාව ඒ සඳහා අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ නිසි බලධරයා පත් කළ යුතු බවද සඳහන් කරයි.

මෙරට මුස්ලිම් ප්‍රජාවෙන් සියයට දෙකක් අන්තවාදී මතවාද වෙත නැඹුරුවක් දක්වන බව වාර්තා වී ඇතැයි පවසන කාරක සභාව එය ජාතික ආරක්ෂාවට ප්‍රබල තර්ජනයක් විය හැකි බවද පවසා සිටී.

එබැවින් ආරක්ෂක අමාත්‍යාංශයේ මූලිකත්වයෙන් සමාජ සහ මනෝ විද්‍යාඥ්‍යයන්ගේද දායකත්වයෙන් එම පිරිස රැඩිකල් කරන ක්‍රියාවලියකට යොමු කළ යුතු බව පවසන කාරක සභාව ඒ සඳහා ඉන්දියාව අනුගමනය කරන රැඩිකල් කරන ක්‍රමවේදයට සමාන ක්‍රමවේදයක් සුදුසු බවද සඳහන් කර තිබේ.

වර්තමානයේ ප්‍රචලිත වෙමින් තිබෙන මුදල් අයකරන මක්නම් ඉගැන්වීම් ක්‍රියාවලිය අත්හිටුවිය යුතු බවද කාරක සභාව අවධාරණය කර සිටී.

සිංහල පාසල, හින්දු පාසල, මුස්ලිම් පාසල යනුවෙන් දැනට ආගමික හෝ වාර්ගික අනන්‍යතාවක් සහිත නම් කර තිබෙන ජාත්‍යන්තර පාසල්වලින් එකී නම් ඉවත් කිරීමටද කාරක සභාව නිර්දේශ කර ඇත.

ජාතික ආරක්ෂාව පිළිබඳ ආංශික අධික්ෂණ කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී මලික් ජයතිලක විසින් මෙම වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදී.

Aruna.lk

Related posts

ජීවිත දෙකක් බිළිගත් මට්ටක්කුලියේ බිහිසුණු අනතුර

colombotoday

වොක්ස්වැගන් එනවා.. කියා, හයිහුන්ඩායි සමාගමුත් මෙරට කර්මාන්ත ශාලා අරිනවා

colombotoday

පනාමුර පොලීසියේ දී මියගිය පුද්ගලයාගේ සිරුරේ කොටස් රජයේ රස පරීක්‍ෂකවරයා වෙත යොමු කරයි.

colombotoday

මංගල සමරවීර මහතා අභාවප්‍රාප්ත වෙයි.

colombotoday

කුරුණෑගල දිස්ත්‍රික්කයේ කොරෝනා වෛරසය පැතිරයාමේ අවධානමක – GMOA

colombotoday

99 බද්දට හම්බන්තොට වරාය චීනෙට විකුණාදැමීමේ ගිවිසුම් සකස්කර අවසන්

colombotoday