Business

ලබන වර්ෂය පුරාම රතු පරිප්පු කිලෝව 150ට දෙනවා – ඇමැති බන්දුල ගුණවර්ධන

රජය වගකියන, ගුණාත්මක රතු පරිප්පු කිලෝවක් රුපියල් 150 ක සහතික කරන ලද මිලකට (සිල්ලර) 2021 වර්ෂය පුරාම දෙන බව වෙළෙඳ ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවැසීය.

ඇමැතිවරයා මේ බව සදහන් කළේ ඊයේ (12)දින වෙළෙඳ අමාත්‍යංශයේ පැවති මාධ්‍ය හමුවකදීය.

ඕස්ට්‍රේලියාවේන් ආනයනය කළ මෙම රතු පරිප්පු රජය සහතික කළ එස්.ටී.සී මුද්‍රවක් සහිතව වෙළෙඳපොළ තුළ ජනවාරි මස මුල සිට පාරිභෝගිකයන්ට මිලදී ගත හැකි බවත් විනිමය අනුපාතයේ වෙනසක් නොවන්නේ නම් වර්ෂය පුරාවටම රුපියල් 150ක මිලකට පරිප්පු කිලෝවක් අලෙවි කරන බවත් ඇමතිවරයා සදහන් කළේය. මෙම වැඩසටහන ශ්‍රී ලංකා රාජ්‍ය වාණිජ (විවිධ.)නිතීගත සංස්ථාව සහ වෙළෙඳ අමාත්‍යංශය එක්ව ක්‍රියාත්මක කරන බවත් මෙම වසර තුළ නවම් මාවතේ පිහිටි එම සංස්ථාවෙන් රතු පරිප්පු මිලදි ගත හැකි බවත් වෙළෙඳ ඇමැතිවරයා පැවසීය.

Related posts

පරිප්පු සඟවන වෙළෙඳුන්ට මාස 6ක සිරදඬුවම්

colombotoday

රුසියාවේ ප්‍රහාර හමුවේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 100 ඉක්මවයි

colombotoday

දුඹුරු සීනි ආනයනය නතර කිරීමේ තීරණයක්

colombotoday

ඇමෙරිකානු ඩොලරයක විකුණුම් මිල රු. 201.28 දක්වා පහළට

colombotoday

නොවැම්බර් මාසයේදී උද්ධමනය අඩු වෙයි

Admin

As tech companies get richer, is it ‘game over’ for startups?

colombotoday