Colombo Today Local News

ලක් රජයට බදුත් නොගෙවා ෆේස්බුක් සමාගම ලංකාවෙන් උපයාගන්නා ආදායම මෙන්න

ෆේස්බුක් ගිණුම් හිමියන් වෙත දැන්වීම් ප්‍රදර්ශනයෙන් සහ ඇතැම් ෆේස්බුක් ගිණුම් හිමියන් ව්‍යාපාරික හා ප්‍රචාරණ අරමුණු සදහා පළ කරන දැන්වීම් මගින් ෆේස්බුක් සමාගම ශ්‍රී ලංකාවෙන් පමණක් මසකට රුපියල් කෝටි 50ක පමණ ආදායමක් උපයන බවට හෙළිව තිබෙනවා.

අධ්‍යනයකින් හෙළිව තිබෙන්නේ මෙරට එක් පුද්ගලයෙකුගේ ෆේස්බුක් ගිණුමක් මගින් එම සමාගම උපයා ගන්නා වාර්ෂික දළ ආදායම අමෙරිකානු ඩොලර් 01ක් හෙවත් රුපියල් 150ක් පමණ වන බවයි.

මෙරට පුද්ගලයන්ට අයත් ෆේස්බුක් ගිණුම් සංඛ්‍යාව මිලියන 6.5 ක් වන බවටද ගණන් බලා තිබෙන අතර එයින් දිනපතා ක‍්‍රියාකාරී වන ගිණුම් සංඛ්‍යාව ලක්ෂ 20 ඉක්මවනවා.

ඉන්දියාවේ එක් ෆේස්බුක් ගිණුමක් මගින් ෆේස්බුක් ආයතනය උපයා ගන්නා ආදායම ඉන්දීය රුපියල් 16ක්. ආසියා ශාන්තිකර කලාපීය එක් ගිණුමකින් ෆේස්බුක් සමාගම උපයා ගන්නා වාර්ෂික ආදායම අමෙරිකානු ඩොලර් 2.9ක් පමණ වන බවයි හෙළිවී තිබෙන්නේ.

ෆේස්බුක් සමාගම දකුණු ආසියානු කාලපීය රටවලින් උපයා ගන්නා ඒක පුද්ගල ආදායම අනුව දෙවන ස්ථානයට පත්ව ඇත්තේ ශ‍්‍රී ලංකාවයි. මෙවැනි ආදායමක් අමෙරිකානු සමාගමක් වන ෆේස්බුක් ආයතනය උපයා ගත්තද එමගින් මෙරට රජයට කිසිඳු බදු ආදායමක් හිමි වන්නේ නැහැ.

 

Related posts

මහමෝලෙක් පක්ෂ කාර්යාලයකට පැන යකා නටයි

Admin

අධිකරණයට ඉදිරිපත් වූ දමිතා,රැට්ටා ඇතුළු 8කට ඇප

colombotoday

ලිංගික අතවර කරමින් ගබ්සා කළ කොස්තාපල්වරයෙක් මාට්ටු

Admin

අගමැතිගේ සුපිරි ඇමතිකමට උතුරත් හරස් වෙයි

colombotoday

ෂරියා නීතියට අතගහන්න දෙන්නේ නෑ – අසාද් සාලි යලි කට අරියි

colombotoday

‘ගම්පෙරළිය’ යළි ඇරඹෙයි

colombotoday