Colombo Today Local News

ලක්ෂ 35ට වැඩි වාහන වලට ‘සුඛෝපභෝගී වාහන බදු’ නමින් අලුත් බද්දක්..!

වාහනයේ නිෂ්පාදන මිල (පිරිවැය, ප්‍රවාහන හා නාවික ගාස්තු) රු.මිලියන 3.5 ට වඩා වැඩි සියලු වාහන සඳහා අමතර සුඛෝපභෝගී බද්දක් පනවා ඇති බවත්, එය ආනයන බද්දක්ද වන බැවින් ඒ හරහා වාහන මිල අනපේක්ෂිත ලෙස ඉහළ යා හැකි බව වාහන ආනයනකරුවෝ පවසති. අයවැයේදී කුඩා මෝටර්රථවලට වැඩි වූ බදු මුදල්වලට අමතරව මෙම සුඛෝපභෝගී බද්ද පැනවී තිබේ.

2019 අයවැය මගින් වාහන මත පනවා ඇති බදු පිළිබඳව ජනතාව දැනුවත් කිරීමේ අරමුණින් ශ්‍රී ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය ඊයේ (7දා) කොළඹදී පැවැත් වූ මාධ්‍ය හමුවකදී මෙම කරුණු අනාවරණය කෙරිණි.

එන්ජින් ධාරිතාව 1800cc වැඩි වාහන සඳහා මීට පෙර සුඛෝපභෝගී බද්දක් පනවා තිබුණත්, වාහන ආනයනයේදී සුඛෝපභෝගී බද්දක් පැනවූ ප්‍රථම අවස්ථාව 2019 අයවැයේදී සිදුව ඇති බව එම සංගමයේ සභාපති රංජන් පීරිස් මහතා අවධාරණය කරයි.

සුඛෝපභෝගී බද්ද මෙවර අයවැය ඉදිරිපත් කිරීමේ දී ප්‍රකාශ නොකළ අතර මෙම රේගු බදු වැඩිවීමද සමග සුඛෝපභෝගී බද්දට යටත් වන මෝටර් රථවල මුළු බදු මුදල් වැඩිවීම වැඩි අගයකින් ඉහළ ගොස් තිබේ. ජනප්‍රිය සන්නාම කිහිපයක් සමග මෙම ප්‍රමාණයන් ගෙනහැර දැක්වීමේදී, හොන්ඩා සිවික් රථයක මුළු බදු වැඩිවීම රු.14,50,000ක්ද, හොන්ඩා CRV රථයක රු.29,75,000ක්ද, අවුඩි Q2 සහ අවුඩි A3 රථවල රු.27,50,000ක්ද, බෙන්ස් CLA 180 සහ බෙන්ස් GLA රථවල රු.39,00,000ක්ද, බෙන්ස් C200 රථයක රු.46,75,000ක්ද, BMW 318i රථයක රු.41,75,000ක්ද, BMW X1 රථයක රු.46,75,000ක්ද සහ රේන්ජ්රෝවර් රථයක රු.18,900,000ක්ද ලෙස සඳහන් විය. මීට අමතරව, ජනතාව අතර වඩාත් ජනප්‍රිය ටොයොටා ප්‍රෙමියෝ, ටොයොටා ඇක්සිඕ, හොන්ඩා වෙසල්, ටොයොටා CHR, හොන්ඩා ග්‍රේස් ආදී රථවලටද අයවැයේ දී වැඩිවූ රේගු බදුවලට අමතරව, රු.400,000ත් – රු.500,000ත් අතර සුඛෝපභෝගී බද්දක්ද එකතු විය හැකි බව මෙම මාධ්‍ය හමුවේදී අනාවරණය විය.

එමෙන්ම, ඉලෙක්ට්‍රික් වාහන මත බදු අඩුවීමක් සිදුවන බව පැවසුණද, අලුත්ම නිසාන් ලීෆ් රථයද මෙම සුඛෝපභෝගී බද්ද ඇතුළත් විය හැකි බැවින්, එවැනි රථයක මිලද රු.ලක්ෂ 20කින් පමණ ඉහළ යා හැකි බව සඳහන් විය. මීට අමතරව, තීරු බදු රහිත බලපත්‍රලාභීන්ටද සුඛෝපභෝගී බදු ඇතුළත් විය හැකි බවද වැඩිදුරටත් අනාවරණය විය.

මෙවර අයවැයේදී පෙට්‍රල් සහ හයිබ්‍රිඩ් වාහන සඳහා රේගු බදු වැඩි විම ජනප්‍රිය මෝටර් රථ සන්නාම කිහිපයක් අනුව ගත් විට සුසුකි ඇල්ටෝ, ඩයිහට්සු මිරා සහ සුසුකි ජෙමිනි ආදී රථ රු.150,000කින්ද, සුසුකි සෙලෙරියෝ, ටොයොටා විට්ස්, සුසුකි ස්විෆ්ට්, හොන්ඩා සිවික්, අවුඩි A1, සුසුකි ග්‍රෑන්ඩ් විටාරා ආදී රථ රු.250,000කින්ද, ටොයෝටා ඇක්සිෙයා් හයිබ්‍රිඩ් සහ හොන්ඩා වෙස්ල් ආදී රථ රු.525,000කින්ද, ටොයොටා CHR රථය රු.540,000කින්ද, ටොයොටා ප්‍රෙමිෙයා්, ටොයොටා ඇලිෙයාන් සහ හොන්ඩා CRV ආදී රථ රු.675,000කින් රේගු බදු වැඩිවීමක් සිදුව ඇති බව මෙම මාධ්‍ය හමුවේදී සඳහන් විය.

Related posts

කුඩු හොරු දුම්රියේදී රන් මාලයක් සහ රුපියල් ලක්ෂ දෙකක් කොල්ලකයි

colombotoday

රට හදන්න බැරිනම් බලය අතහැර යනවා – අගමැතිගෙන් විශේෂ ප්‍රකාශයක්

colombotoday

විරෝධතාවන් සදහා වරාය සේවකයින් උසි ගැන්වීම පසුපස කුමන්ත‍්‍රණයක්

colombotoday

හැසිරීම අනුමත කරන්න බෑ… එක තරගයක් දින්න කියල ඔහොම දඟලන්න අවශ්‍ය නැහැ

colombotoday

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ උද්ඝෝෂණය අධිකරණයෙන් තහනම් කරයි

colombotoday

හරීන්- මනූෂ පක්ෂ සාමාජිකත්වයෙන් එලියට

colombotoday