අද වන විට රට පුරා ලක්ස 10ක ජනතාවකට වැසිකිලි පහසුකම් නැති බව මුදල් ඇමති මංගල සමරවීර මහතා පවසයි.
එනිසා එම වැසිකිලි පහසුකම් ලබා දීම සදහා රුපියල් බිලියන 04ක් අයවැයෙන් වෙන් කරන බවත් ඇමතිවරයා සදහන් කලේය.
මෙම වැසිකිලිවල නඩත්තු කටයුතු පෞද්ගලික අංශයට පවරන බවද හෙතෙම කියා සිටියේය.
පාර්ලිමේන්තුවේදී අයවැය යෝජනාවලිය ඉදිරිපත් කරමින් ඔහු මේ බව පැවසීය.