Colombo Today Local News

ලක්ෂ තුනහමාරක් වටිනා සොරාගත් රන් මාලය ගිලලා..

කාන්තාවකගේ ගෙල බැඳි රන් මාලයක් පැහැරගෙන එය ගිල දැමු සැකකරුවෙකු එළඹෙන 21වන දා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට හැටන් වැඩ බලන මහෙස්ත්‍රාත් දමයන්ති ප්‍රනාන්දු මහත්මිය අද (08)දින නියෝග කළාය.

එමෙන්ම, ඔහුව බන්ධනාගාර රෝහලේ වෛද්‍යවරයා වෙත ඉදිරිපත් කර උදරයේ රැඳී ඇති රන් මාලය පිටතට ගෙන එය වැඩිදුර පරික්ෂණ සඳහා හැටන් පොලීසිය වෙත භාරදීමට ද නියෝග කර තිබේ.

මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගතකර ඇත්තේ හැටන් ප්‍රදේශයේ පදිංචි 33 හැවිරිදි පුද්ගලයෙකි.

හැටන් තරුණ බෞද්ධ සමිතියට පිවිසෙන මාර්ගයේ ගමන් කරමින් සිටි කාන්තාවකගේ ගෙල බැඳි රුපියල් ලක්ෂ තුනහමාරක් පමණ වටිනා රන්මාලය අද පෙරවරුවේ මෙම සැකකරු විසින් පැහැරගෙන තිබේ.

මේ සම්බන්ධයෙන් හැටන් පොලීසියට ලද පැමිණිල්ලක් මත අපරාධ විමර්ශන අංශයේ නිලධාරින් විසින් ස්වර්ණාභරණ උකසට ගන්නා වෙළෙඳසැල්වලින් ඒ පිළිබඳ තොරතුරු විමසා ඇත.

එහිදි සැකකරු පිළිබඳව තොරතුරු අනාවරණය කරගත් පොලීසිය ඔහුව අත්අඩංගුවට ගැනීමට කටයුතු කර ඇත.

පොලිස් නිලධාරින් සැකකරුව ලුහුබැඳි අවස්ථාවේ දී ඔහු එම රන් මාලය ගිල දමා තිබේ.

පසුව පොලිස් නිලධාරින් විසින් ඔහුව දික්ඔය මුලික රෝහල වෙත ඇතුලත් කර එක්ස්රේ ඡායාරූප ගෙන පරික්ෂා කර ඇත.

එහිදි ගිල දැමු රන්මාලය ඔහුගේ උදරයේ රැදි තිබෙන බව සොයාගෙන තිබේ.

Related posts

අපේ ජන බල පක්ෂයට ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයක් – ඥානසාර හිමි පාර්ලිමේන්තුවට

colombotoday

සියලු මාර්ගවල දුම්රිය ගමන්වාර කිහිපයක් අවලංගුයි

Admin

යහපාලන ආණ්ඩුව රටේ හමුදාවට කළ ද්‍රෝහිකම් මෙන්න…

colombotoday

නව ව්‍යවස්ථාව මර උගුලක්.. ඒකීය රාජ්‍ය කඩන්න කීයටවත් ඉඩ දෙන්නෑ – වාසු බලය බෙදීම ගැන වමේ මතය කියයි

colombotoday

මැතිවරණ පෝළිමක්

Admin

පෙළ පොත් සඳහා පණිවිඩය එක් කිරීමෙන් අමතර වියදමක් නෑ

colombotoday