Colombo Today Local News

රේගු බහාලූම් අංගනයක මහා පරිමාණ කහ සොරකමක්

ශී‍්‍ර ලංකා රේගුවට අයත් ග‍්‍රෑන්ඞ්පාස් ප‍්‍රදේශයේ බහාලූම් අංගනයක තිබූ කහ කැබලි තොගයක් සොරකම් කිරීමේ සිද්ධියකට සම්බන්ධ සැකකරුවන් 09 දෙනෙකු ලබන 18 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ. ඒ, කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් අධිකරණයේ නියෝගයකට අනුවයි.

ප‍්‍රතිඅපනයනය සඳහා රඳවා තිබූ බහාලූමක රේගු මුද්‍රාව කපා ඉවත් කර එම බහාලූමේ තිබූ කහ කැබලි කිලෝ 18,180 ක් සොරකම් කළ බවටයි අදාළ සැකකරුන්ට චෝදනා එල්ල වී ඇත්තේ. ඒ සම්බන්ධයෙන් ශී‍්‍ර ලංකා රේගුව කළ පැමිණිල්ලකට අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් විමර්ශන සිදු කර තිබේ. සිද්ධියට සම්බන්ධ එක් සැකකරුවෙකු ඉකුත් 29 වනදාත්, තවත් සැකකරුවන් තුන්දෙනෙකු ඉකුත් 30 වනදාත් අත්අඩංගුවට ගැනුණු බවයි පොලිසිය පැවසුවේ. අනෙක් සැකකරුවන් පස්දෙනා ඉකුත් 31 වනදා අත්අඩංගුවට ගෙන ඇත.

එම සැකකරුවන් බදුරලිය, දෙමටගොඩ, අම්බලන්තොට, කිරිල්ලවත්ත, වව්නියාව හා පානදුර යන ප‍්‍රදේශවල පදිංචි වයස අවුරුදු 25 ත් 45 ත් යන වයස් කාණ්ඩවල පසුවන්නන් බවයි පොලිසිය පවසයි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදු කළ විමර්ශනවලදී, අදාළ සොරකම සඳහා යොදාගත් වෑන් රථ 02 ක්, ලොරි රථයක්, කහ කැබලි කිලෝ විස්සක්, කුඩු කරන ලද කහ කිලෝ 12 යි ග‍්‍රෑම් 500 ක්, උපයාගත් මුදල් රුපියල් හාරකෝටි පනස් එක්ලක්ෂයකට අධික මුදලක් සොයාගෙන තිබේ.

සොරකම් කළ කහ විකිණීමෙන් උපයාගත් මුදල්වලින් මිලදී ගත් නවීන මෝටර් රථයක් ද සොයාගෙන ඇති බවයි පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේ. සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වැඩිදුර විමර්ශන සිදුයි.

Related posts

සමස්ත ලංකා ජමයතුල් උලමා සංවිධානය මුස්ලිම් පාතාලයට සම්බන්ධයි

colombotoday

සජිත් ප්‍රේමදාස පිහිටුවන රජයෙන් බැඳුම්කර හොරුන්ට දඬුවම් දෙනවා

colombotoday

මේවට කියන්නේ වදුරු කුණුහරුප කියලා. සුළු ජාතික අධිකරණ අමාත්‍යවරයෙක් යටතේ මහ ජාතියට ව්‍යාවස්තාවක් නිර්මාණය කිරීම යුක්ති යුක්තද?

colombotoday

බදුර්දීන් සමග 06ක්, විජේදාස, සුජීව සමග එජාප 10ක් එයි.. ශ්‍රීලනිප-ඒකාබද්ධ අලුත් ආණ්ඩුවකට සූදානම් !!

colombotoday

ඇෆ්ලාටොක්සින් කඩයිම් මට්ටම සංශෝධනයට කැබිනට් අනුමැතිය

Admin

ක්‍රිකට් තහනම නිසා ඩොලර් මිලියන 100ක් අහිමිවෙයි

Admin