Colombo Today Local News

රු.කොටියක කොකේන් සමඟ ඉන්දීය ජාතික කාන්තාවක් අත්අඩංගුවට

රුපියල් එක් කෝටි අසූ හත් ලක්ෂ පනස් දහසක් වටිනා කොකේන් මත්ද්‍රව්‍ය තොගයක් නීතිවිරෝධී ලෙස ශ්‍රී ලංකාවට ගෙන ආ ඉන්දීය ජාතික ගුවන් මගී කාන්තාවක් අද (11)  දින දහවල් කටුනායක ගුවන් තොටුපළ පැමිණීමේ පර්යන්තයේ දී රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන ඇති බව රේගු මාධ්‍ය ප්‍රකාශක , අතිරේක රේගු අධ්‍යක්ෂ ජනරාල් සුනිල් ජයරත්න මහතා පැවසීය.

ඇය 37 හැවිරිදි ඉන්දීය ජාතික කාන්තාවකි .

ඇය අද  දින දහවල් 1.50 ට ඉන්දියාවේ චෙන්නායි සිට පැමිණි ඉන්ඩිගෝ ගුවන් සේවයේ 6ඊ – 1203 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි .

මෙසේ රැගෙන පැමිණ ඇති කොකේන් මත්ද්‍රව්‍ය තොගය පොලිතීන් බෑග් කීපයක අසුරා , ඒවා ඇය විසින් ගෙනැවිත් තිබූ ගමන් මලු කීපයක , පතුල් වල අලවා ගෙන තිබියදී , රේගු නිලධාරීන් විසින් සොයාගෙන අත්අඩංගුවට ගෙන තිබුණි .

එහි කිලෝ ග්‍රෑම්  01 යි ග්‍රෑම්  250 ක් බර කොකේන් මත්ද්‍රව්‍ය ප්‍රමාණයක් තිබූ බව රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේය .

මෙම අත්අඩංගුවට ගැනීම රේගු අධිකාරී ජී.එස්.චන්ද්‍රසිරි , සහකාර රේගු අධිකාරීවරුන් වන ජී.ඒ.එස්. ගුණවර්ධන , ජේ.එච්.එච්.පී.ගුණසිරි සහ ඩී.එම්.ඩී.සී.බී.දිසානායක යන මහත්වරුන් විසින් සිදු කර තිබුණි .

මෙම සිදුවීම පිළිබඳව වැඩිදුර විමර්ශන කටයුතු රේගු අතිරේක අධ්‍යක්ෂ ජනරාල් සමන් රණවන මහතාගේ උපදෙස් මත , කටුනායක ගුවන් තොටුපළ රේගු අධ්‍යක්ෂ ගන්කේවෙල මහත්මියගේ අධීක්ෂණය යටතේ නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂවරුන් වන ඩබ්ලිව්.එම්.ඩී.ආර්.ජගත් සහ උපාලි රත්නායක යන මහත්වරුන් විසින් පවත්වමින් සිටිති .

Related posts

අද පැය 13ක් විදුලිය නැහැ… පාන්දරටත් අදුරේ

colombotoday

ගම්පොළ භූකම්පනයක්

Admin

මුදල් ගෙවා විදෙස් සංචාර යන්න කලින් පොලිසියේ නවතින්න අවශ්‍යනම් Blue ocean සමාගමේ තුමිලන් හමුවන්න

colombotoday

චීන දූත පිරිසක් අද ශ්‍රී ලංකාවට

colombotoday

නීතිපතිට බාලගිරි දොස වැළදේ ! සම්බුදු හිමියන්ට අපහාස කිරීමේ නඩුවට උසාවිය ඉල්ලූ උපදෙස් තාම නෑ

colombotoday

“ලංකාවේ ඊළම හදන්න ඇපකැප වෙනවා” තමිල්ණාඩු ද්‍රවිඩයන් කුලප්පු කර ජයලලිතා ඡන්ද ගරයි

colombotoday