World

රුසියාවේ සහයට චීනයත් එයි. යූධ නැවක් පිටින් සිරියාවට ගොඩ බසී

PLANS_Liaoning_(CV-16)අයි. එස්. ත්‍රස්තවාදීන්ට එරෙහිව සිරියාව ගෙන යන සටනට චීනයෙද සහයෝගය හිමිව තිබේ. සිය යුද උපදේශකයින් පිරිසක් සිරියාව වෙත පිටත් කර යැවීමට චීනය කටයුතු කර ඇති අතර ඔවුන් රැගත් නෞකාව සූවස් ඇළ හරහා මේ වනවිට සිරියාවට ලඟා වී ඇති බව පැවසේ.

චීන නෞකාව ගැන සඳහන් කරමින් ඊශ්‍රායල වෙබ් අඩවියක් වාර්තා කර ඇත්තේ ලාසානින්-G-16 නැමැති චීනයට අයත් ගුවන් යානා රැගත් ප්‍රහාරක නෞකාව සිරියාවේ මාටාස් වරායේ දක්නට තිබූ බවත් මිසයිල හාරක නෞකාවක්ද එම නැව සමග සිරියාව වෙත පැමිණ ඇති බවය.

මීට අමතරව අයි.එස්. ත්‍රස්තවාදීන්ට එරෙහිව සටන් මෙහෙයවීම සඳහා රුසියාව, ඉරානය, ඉරාකය හා සිරියාව එක්ව සම්බන්ධීකරණ මධ්‍යස්ථානයක් බැග්ඩෑඩ් නුවර ගොඩනැගීම සඳහා කටයුතු කරමින් සිටින බව වාර්තා වේ. මේ පිළිබඳව අදහස් දක්වමින් ප්‍රකාශ කර ඇත්තේ අයි.එස්. ත්‍රස්තවාදීන්ට එරෙහිව ප්‍රහාර එල්ල කිරීම සඳහා තොරතුරු රැස් කිරීම, ප්‍රහාරයන් මෙහෙය වීම, ඒකාබද්ධව කටයුතු කිරීම මෙම සම්බන්ධීකරණ මධ්‍යස්ථානය හරහා  සිදු කිරීමට නියමිත බවය.

Related posts

රුසියාවෙන් යුක්‍රේනයේ ප්‍රදේශ කිහිපයකට මිසයිල ප්‍රහාර

Admin

‘සෙල්මන් බෝයි’ ගේම් ඇප් එකට එරෙහිව සුපිරි ​බොලිවුඩ් නළු සල්මාන් ඛාන් උසාවි යයි

colombotoday

ලන්ඩනයේ උමං දුම්රියක පිපිරීමක් (Photo)

colombotoday

පකිස්තානය ඉන්දීය චිත්‍රපට තහනම් කරයි

colombotoday

ඇෆ්ගනිස්ථානයට බලපෑ ගංවතුරින් ජීවිත 160ක් අහිමියි

colombotoday

වෛද්‍ය විද්‍යාලයක මිනිස් සිරුරු කොටස් ජාවාරමක්

Admin