Colombo Today Local News

රුසියාවේ කොරෝනා මඩින එන්නත ලංකාවටත් ?

ලෝක සෞඛ්‍ය සංවිධානයේ අවශ්‍ය නිර්දේශ සහ අනුමැතිය ලැබුනු පසු කොවිඩ් මර්දනය සඳහා රුසියාව විසින් නිපදවනු ලැබූ නව එන්නත ශ්‍රී ලංකාවේ කොවිඩ් මර්දනයට භාවිතා කරන බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි පවසයි.

ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති යූරි මතේරි සමග අද (21)දින පැවති විශේෂ හමුවකට එක්වෙමින් අමාත්‍යවරිය මෙම අදහස් පළ කළේය.

කොවිඩ් 19 වෛරස් රෝගය මර්දනයේ දී රජයක් ලෙස ශ්‍රී ලංකා රජය ගත් ක්‍රියාමාර්ග හා ඒ තුළින් එම තත්ත්වය සාර්ථකව මර්දනය කළ හැකි වු බව ද තානාපතිවරයා මෙහිදී සඳහන් කර ඇත.

ශ්‍රී ලංකාවේ වෛද්‍යවරුන් බිහිකිරීම සඳහා රුසියානු රජය ශිෂ්‍යත්ව ලබා දෙමින් විශාල මෙහෙයක්, සේවාවක් සිදුකළ බැවින් ඒ සඳහා ශ්‍රී ලංකා රජයේ විශේෂ ස්තූතිය පුදකර සිටින බව මෙහිදී අමාත්‍යතුමිය සඳහන් කළේය.

මේ පිළිබඳව අදහස් දක්වමින් රුසියානු තානාපති යූරි මතේරි සඳහන් කළේ, දෙරට අතර පවතින දීර්ඝ කාලීන මිතුදමේ ප්‍රතිලඑලයක් ලෙස මෙරට වෛද්‍යවරුන් හා අනෙකුත් කාර්යය මණ්ඩලවලට වැඩිදුර අධ්‍යාපනය සඳහා රුසියාවේ ශිෂ්‍යත්ව ක්‍රමයක් කඩිනමින් ආරම්භ කිරීමට කටයුතු කරන බවයි.

Related posts

අලුත් පක්‌ෂයට ආණ්‌ඩුවෙන් මැති ඇමැතිවරු පිරිසක්‌!

colombotoday

වයස 24 තරුණියගේ බූරු පොලේ බූරු ගැසූ 7ක් නිරෝධායනයට

colombotoday

“නායකයන් ටික අල්ලා ළගදීම හිරේ දමනවා.. එතකොට අලුත් පක්ෂය ඉවරයි“ – රාජිත

colombotoday

පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් දෙහිවල නිවසක සැඟව සිටියදී අත්අඩංගුවට

colombotoday

ඉන්දියානු ණය ආධාර යටතේ තමිල් නාඩුවෙන් පොත් මුද්‍රණයට කඩදාසි

colombotoday

ආර්ථික අර්බුදයට හේතු සොයා විසඳුම් ඉල්ලූ රාජපක්ෂලාට එරෙහි පෙත්සම් විභාගයට අවසර

colombotoday