World

රුසියානු අගමැතිටත් කොරෝනා

රුසියානු අග්‍රාමාත්‍ය මිහායිල් මිෂුස්ටින් මහතාට කොරෝනා වයිරසය ආසාදනය වී ඇතැයි තහවුරු වී තිබේ.

ඔහු පසුගිය ජනවාරි මාසයේ සිට අග්‍රාමාත්‍ය ධූරයේ කටයුතු කරන අතර වයිරසයට ආදාළ කටයුතු මෙහෙයවීමට හෙතෙම සක්‍රීයව දායක වුණි.

රුසියානු ජනපති ව්ලැඩිමීර් පුටින් මහතා සමඟ වීඩියෝ ඇමතුමකින් සම්බන්ධ වෙමින් ඔහු සිය අසනීප තත්ත්වය පිළිබඳ ජනාධිපතිවරයාට දැනුම් දී ඇත.

නියෝජ්‍ය අග්‍රාමාත්‍ය අන්ද්‍රෙයි බෙලසොව් මහතා තම ස්ථානය ගනිමින් කටයුතු කිරීම සුදුසු බවට මිෂුස්ටින් මහතා කළ යෝජනාවට රුසියානු ජනපතිවරයා එකඟ වී තිබේ.

අගමැතිවරයා මේ වන විට ස්වයං නිරෝධානයට යොමු වී ඇති අතර කොරෝනා වයිරසය ආසාදනය වූ රුසියාවේ ප්‍රථම ජ්‍යෙෂ්ඨ දේශපාලඥයා ඔහුය.

ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාලයේ සංඛ්‍යාලේඛන අනුව මේ වන විට රුසියාවෙන් හඳුනාගෙන ඇති කොරෝනා වයිරසය ආසාදිත රෝගීන් සංඛ්‍යාව 106,498 කි.

එරටින් වාර්තා වී ඇති මරණ සංඛ්‍යාව 1,073 කි.

Related posts

නිරෝධායන නීති කැඩූ අයෙක් වෙඩි තබා මරා දමයි. පිලිපීන ජනාධිපතිගේ නියෝගයට අනුව පොලිසිය ක්‍රියා කරයි.

colombotoday

මිනිත්තුවකදී වේදනා රහිත මරණයක් ගෙනදෙන ‘සාකෝ’

colombotoday

ඩුබායි රාජ්‍යයේ මහල් නිවාස සංකීර්ණයක ගින්නක්

Admin

ආර්ජන්ටිනාවේ ජනාධිපතිවරණයෙන් ජේවියර් මිලෙයිට ජය

Admin

ISIS ලිබියානු නායකයා මරුට – ඇමරිකාවෙන් දරුණු ගුවන් ප්‍රහාරයක්

colombotoday

කැරලිකරුවන් දේශප්‍රේමීන් යැයි ඉවන්කා ට්‍රම්ප් කියයි

colombotoday