Uncategorized

රිෂාඩ් බදියුදීන් හොර සංවිධානයක් හරහා රජයේ මුදල් ගසාකෑමේ සූදානමක…

රිෂාඩ් බදියුදීන් ඇමතිවරයාගේ මැදිහත්වීමෙන් ශ්‍රී ලංකා සහල් නිෂ්පාදකයින්ගේ සමූපකාර සංගමය නමින් ව්‍යාජ සංවිධානයක් ලියාපදිංචිකර එයට මුදල් වෙන්කර ගැනීමේ කූඨ උපක්‍රමයක් ක්‍රියාත්මක කර ඇතැයි සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න මහතා පවසයි.

ශ්‍රී ලංකා සමූපකාර සහල් නිෂ්පාදකයින්ගේ සංගමය තිබියදී ඒ හා සමාන වෙනත් සංගමයක් නීතිවිරෝධී ලෙස ලියාපදිංචිය ලබාගෙන ඇති බවත් මෙම හොර සංවිධානය හරහා චීන සමාගමකින් රුපියල් මිලියන 10 103ක මුදලක් ලබාගැනීමට ඉල්ලුම් කර ඇති බවත් ඊට සමූපකාර කොමසාරිස්වරයා ද අත්සන් තබා නිර්දේශ කොට ඇති බවත් නාමල් කරුණාරත්න මහතා පවසයි. නීත්‍යානුකූල සහල් නිෂ්පාදකයින්ගේ සමූපකාර සමිතිය තිබිය දී එහි නම සහ ඊට අදාල ව්‍යාජ ලේඛන භාවිත කරමින් රිෂාඩ් බදියුදීන් ඇමතිවරයා සිය ගෝලයින් පිරිසකට මුදල් කන්දරාවක් හිමිකරදීමේ උත්සාහයක නිරත වෙමින් සිටින බව නාමල් කරුණාරත්න මහතා චෝදනා කරයි.

රටපුරා සිටින සුළු හා මධ්‍ය පරිමාන සහල් නිෂ්පාදකයින් දිස්ත්‍රික් මට්ටමින් සමූපකාර ගතකර එම සමූපකාර සමිති එක්කර ජාතික මට්ටමින් පිහිටුවන ලද සමූපකාර සමිතියක් මගින් නැවත දිස්ත්‍රික් මට්ටමේ සාමාජික සමූපකාර සමිති වෙත සිදුකරන මුදල් වෙන් කිරීම් හරහා ගොවීන්ගෙන් රජයේ අනුමත මිලට වී මිලට ගැනීමටත් රජයේ අනුමත මිලට සහල් පාරිභෝගිකයා වෙත මුදාහැරීමටත් සමස්ත ලංකා සහල් නිෂ්පාදකයින්ගේ සංගමය හා සමස්ත ලංකා ගොවිජන සම්මේලනය දිගින් දිගටම සිදුකළ ඉල්ලීම් පිළිගනිමින් පසුගිය වසරේ ජූලි මස අනුමතකළ අමාත්‍ය මණ්ඩල සන්දේශය මේ වනතෙක් ක්‍රියාත්මක වී නැතැයි සමස්ත ලංකා සහල් නිෂ්පාදකයින්ගේ සංගමය සහ සමස්ත ලංකා ගොවිජන සම්මේලනය මාධ්‍ය හමුව අමතමින් වැඩිදුරටත් පැවසීය.

මාධ්‍ය හමුව සඳහා සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න සහ එහි ප්‍රධාන ලේකම් ටී.බී. සරත්, සමස්ත ලංකා සහල් නිෂ්පාදකයින්ගේ සංගමයේ මුදිත් පෙරේරා, නිශාන්ත අත්තනායක, කේ.ඒ.ඒ.බී අබේකීර්ති, කරුණාතිලක රංජිත්, ජේ.පී රංජිත් බන්දුල, හාජ්ජියාර් ගෆූර් යන දිවයින පුරා සිටින දිස්ත්‍රික් නියෝජිතයින් මෙම මාධ්‍ය හමුවේදී අදහස් දැකුවූහ.

Related posts

පනස් හැවිරිදි පෙම්වතා නිසා ‘විසි හතර හැවිරිදි තරුණිය’ ජීවිතය අතහරී.. තිසරපටයේ සගවා තිබූ ලිපිය සැඟවුණු තොරතුරු හෙළි කරයි.

colombotoday

මහේල ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ උපදේශක තනතුරට

colombotoday

ප්ලේන්ටිය රු.60යි. ආපනශාලාවලට පාරිභෝගිකයෝ යන්නේ නැහැ.

colombotoday

“1948න් පසු ජාතිය අවදානම් මොහොතක” ජිනීවා අනතුර ගැන හිටපු ජනපති කල සම්පූර්ණ කතාව – Video

colombotoday

ශ්‍රී ලංකා සහ ඇෆ්ගනිස්ථාන T20 දෙවන තරගය අද

Admin

හෙල්මට් නැති යතුරුපැදිකරුවෙකුට දඩ කොලයක් ලියලා.. පානදුර තොටවත්තේ කලබලයක්. පොලිසිය අහසට වෙඩි තබයි…

colombotoday